පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ නිල නිවසින් පකිස්ථාන් රුපියල් 70,000ක් වටිනා දේපළ සොරකම් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තිදෙනෙකු පකිස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පකිස්ථාන එක්ස්ප්‍රස් ටි්රබියුන් පුවත් වෙබ් අඩවිය සහ ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්සේවය අද (07) වාර්තා කළේය
ඉස්ලාමාබාද් නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාගේ නිල නිවසට ඉකුත්දා කඩා වැදුණු සොරුන් කණ්ඩායමක් විසින් මහ කොමසාරිස්වරයාගේ නිවසේ තිබූ පිත්තල පහන් සහ නාන කාමර උපාංග කිහිපයක් සොරකම් කරනු ලැබ ඇත.
මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉස්ලාමාබාද් හී සොරුන් කණ්ඩායමක සාමාජිකයින් වූ පිරිසක්ද වන බව එම වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.
දැඩි ආරක්ෂක රැකවල් මත පිහිටා තිබෙන මෙම තානාපති නිවසේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහාකොමසාරිස් කාර්යාල නිලධාරියෙකු විසින් පකිස්ථාන පොලීසියට පැමිණිලි කිරීමේ පසුව පැවත්වූ විශේෂ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට ඉස්ලාමාබාද් පොලීසියට හැකි වී ඇතැයි එම මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.
එම සොරුන් කඩා වැදී භාණ්ඩ සොරකම සිදු කරන දින හතරකට පසුව සැකකාර සොරුන් අල්ලා ගෙන ඇත.
කෙසේ වුවද සොරකම් කළ භාණ්ඩ වල වටිනාකම් ඉහළ මට්ටමක නොපැවතියද ,ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාගේ නිල නිවසට සොරු ඇතුළු වීමේ ආරක්ෂක හිඩැස සම්බන්ධයෙන් පකිස්ථාන බලධාරීන් විමර්ශන පවත්වන බවද එම පුවත්පත් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.
(125)
2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම
අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පකිස්තානු ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ නිවසින් දේපළ සොරාගත් තිදෙනෙක් අත්අඩංගුවට