ශ්‍රී ලංකාව සම්මත කරගත් නව ධීවර පනත සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් තමිල්නාඩුවේ රාමේෂ්වරම් ධීවරයන් අද (09) සිට උපවාසයක් ආරම්භ කර ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කළේය.
රාමේෂ්වරම් ධීවර සංගම් නියෝජිතයින් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින්නේ එම පනත ඉවත් කරගන්නැයි ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙසයි. එලෙස බලපෑම් නොකළ හොත් තමන් අඛණ්ඩ උපවාසයකට යන බව එම ධීවරයෝ පවසා සිටිති.
ශ්‍රී ලංකා රජය විසින් සම්මත කර ගත් නව පනත මගින් තමිල්නාඩු ධීවරයන්ට ඉන්දීය මුහුදු සීමාව ඉක්මවා යාමට හැකියාවක් නොලැබීම හේතුවෙන් රාමේෂ්වරම් ධීවරයින් ඇතුළු තමිල්නාඩු ධීවරයින් රැසක් මෙම පනතට දැඩි විරුද්ධත්වය පළ කර සිටින බව ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා වාර්තා වේ සඳහන් වේ.
පෝක් සමුද්‍ර සන්ධියේ නිදහසේ මසුන් මැරීමට තමන්ට අයිතියක් ඇති බව බවද උපවාසයේ නිරත රාමේෂ්වරම් ධීවරයෝ කියා සිටිති.
125
COMMENTS
මෙහෙම සරල ප්‍රශ්නයක් වත් විසඳාගන්න බැරි ජනකොටසක් ඉන්න ප්‍රදේශයකට නේද... ලංකාව පාලමකින් යා කරන්න කතා කරන්නේ ? එහෙම කළොත් අනාගත පරම්පරාවට උමා ඔයේ ප්‍රශ්නය වගේ විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙනවා.
අපේ රටේ ජනාධිපති තුමාටත්, අගමැති තුමාටත්, රජයටත් හරිහැටි රට පාලනය කිරීමට ඉඩ නොදී පොලු දමන ඒකාබද්ද විපක්ෂය, වුර්තිය සමිති මදිවට දැන් ඉන්දියන් මාළු කාරයොත් එනවා වගෙයි! ඉන්දීය මධ්‍යම රජයවත් , තමිල්නාඩු ප්‍රාන්ත රජයවත් ඉන්දියන් මාලුකාරයන් ශ්‍රී ලංකා මුහුදේ මසුන් ඇල්ලීම නීති විරෝධී බව කියා නොදෙන්නේ මොකද ? අපේ ශ්‍රී ලංකාවේ නීති හදන්නේ ශ්‍රී ලංකා රජයට අවශ්‍ය විදියටද, ඉන්දියන් මාලුකරයන්ට ඕන විදියටද කියා ඇසිය යුතු කාලය පැමිණ තිබෙන බව පේනවා !!!!
නොකා නොබී උපවාස කරන්න අපේ උපරිම සහයෝගය ඔබලාට.
අප රට සතු මුහුදු සිමාව අපට