IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නිල්වලා පීඨයේ සිසුන්ට පහරදුන් පහක් සැකපිට අල්ලයි


(කනංකේ එන්.කේ.ඉන්ද්‍රවංශ)
අකුරැස්ස විල්පිට නිල්වලා විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකට අතින් පයින් පහර දී ත්‍රී රෝද රථයකින් පලා යමින් සිටි බව කියන තරුණයින් පස් දෙනකු උල් පිහියක් ද සමග සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව කඹුරුපිටිය පොලීසිය පවසයි.
ඔවුන් සන්තකයේ තිබී ගංජා පැකට් කිහිපයක් ද පොලීසිය සොයා ගෙන ඇත.
නිල්වලා විද්‍යා පීඨයේ සිසුන්ට වර්ෂ අවසාන නිවාඩුව ලබා දී තිබෙන අතර ඔවුන් නිවෙස් වෙත යාම සදහා එම පීඨය ඉදිරිපිට බස් නැවතුම් පොලේ රැදී සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව තිබේ.
සිසුන් පස් දෙනෙකු පමණ එහිදී පහරකෑමට ලක්ව තිබෙන බවත් ඔවුන් කිසිවකුත් රෝහල් ගත වී නොමැති බවත් පොලීසිය සදහන් කරයි.
පැරණි අමනාපයක් ඊට හේතු වන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
සැක පිට අත් අඩංගුවට ගෙන සිටින මාතර දැල්කඩ,වැලිවේරිය හා දෙවිනුවර යන ප්‍රදේශ වල පදිංචි සැකකරුවන් පස් දෙනා වැඩි දුර පරීක්ෂණ සදහා සදහා අකුරැස්ස පොලීසිය වෙත බර දෙනු ලැබීය.



අදහස් (0)

නිල්වලා පීඨයේ සිසුන්ට පහරදුන් පහක් සැකපිට අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site