IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නාය යෑමෙන්-ගං වතුරෙන් දිස්ත්‍රික් 13 ක පවුල් 4,617 ක් අවතැන්

(ඩයනා උදයංගනී

දින කිහිපයක් තිස්සේ පැවති තද වැසි සමග ඇති වූ ගං වතුර හා නායයෑම් අවදානම් හේතුවෙන් දිවයිනේ දිස්ත‍්‍රික්ක 13 කට බල පා තිබූ  ආපදා තත්ත්වය මේ වන විට පහව යමින් පැවතියක් පවුල් 4,617කට අයත් 15,470 දෙනෙක් තවමත් අවතැන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම පිරිස ආරක්‍ෂිත ස්ථාන 109ක ර`දවනු ලැබ සිටින බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

බදුල්ල, මොණරාගල, මඩකලපුව, ත‍්‍රිකුණාමලය, මහනුවර, නුවරඑළිය, මාතලේ, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත‍්‍රික්කවල ජනතාව මෙලෙස අවතැන්ව සිටිති.


මින් වැඩිම පීඩාවකට පත්ව ඇත්තේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ ජනතාව වන අතර එහි පවුල් 586 කට අයත් 1,674 දෙනෙක් අවතැන්ව සිටින බව ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මීට අමතරව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පවුල් 1,044 කට අයත් 3,377 දෙනෙක්, මඩකලපුව දිස්ත‍්‍රික්කයේ පවුල් 1,026 කට අයත් 3,122 දෙනෙක්, හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පවුල් 438 කට අයත් 1,911 දෙනෙක්, පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පවුල් 451 කට අයත් 1,588 දෙනෙක්, බදුල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 327 කට අයත් 1,308 දෙනෙක්, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පවුල් 326 කට අයත් 1,165 දෙනෙක්, මොණරාගල දිස්ත‍්‍රික්කයේ පවුල් 112 කට අයත් 339 දෙනෙක්, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පවුල් 152 කට අයත් 433 දෙනෙක්, මහනුවර දිස්ත‍්‍රික්කයේ පවුල් 33 කට අයත් 126 දෙනෙක්, මාතලේ දිස්ත‍්‍රික්කයේ පවුල් 80 කට 294 දෙනෙක් සහ මුලතිව් දිස්ත‍්‍රික්කයේ පවුල් 36 කට අයත් 39 දෙනෙක් මෙලෙස අවතැන් වී සිටිති.

ඇතිවූ ආපදා තත්ත්වයෙන් මේ වන විටත් පීඩාවට පත්ව සිටින සමස්ත සංඛ්‍යාව පවුල් 5,960 කට අයත් 20,624 දෙනෙකු බව ද ඔහු සදහන් කළේය.
පීඩාවට පත්වූවන් වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන තිබෙන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 



අදහස් (0)

නාය යෑමෙන්-ගං වතුරෙන් දිස්ත්‍රික් 13 ක පවුල් 4,617 ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site