(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල චීනකොටුව ප‍්‍රදේශයේදී නීති විරෝධීව බලපත‍්‍ර නොමැතිව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 6000 ක් සමග සැකකරුවන් දෙදෙනකු අද (10) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය පවසයි.
බේරුවල නගරයේදී අත්අඩංගුවට ගත් විශාලතම දුම්වැටිතොගය මෙය බවද ඒවායේ වටිනාකම රුපියල් ලක්‍ෂ 10කට ආසන්න විය හැකි යැයි පරීක්‍ෂණ පවත්වන පොලීසිය පවසයි.
සැකකරුවන් වයස අවුරුදු 26 සහ 36 පසුවන්නන් වන අතර බේරුවල ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. පොලීසියට ලද තොරතුරක් මත මෙම දුම්වැටි තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd