(නිමල කොඩිතුවක්කු)
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සජිත් මංජුල මහතා පත් කර තිබේ.
මෙයට පෙර එම තනතුර සඳහා පත් කරනු ලැබ සිටියේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාගේ පුත්‍රයා වන පළාත් සභා මන්ත්‍රී නීතීඥ උදාර විජයමුනි සොයිසා මහතායි.
ඥාති සංග්‍රහය මත සිදුකරන පත්වීම් සම්බන්ධයෙන් ඒල්ල වී ඇති චෝදනා සැළකිල්ලට ගනිමින් මෙම වෙනස්කිරීම සිදුකර ඇතැයි වාර්ථා වේ.
ආයතන වල නිලධාරීන් පත්කිරීමේදී ඥාති පිරිස් ඒ සඳහා බඳවා නොගන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට පෙර අමාත්‍යවරුන් වෙත දැනුම් දී තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් අප්පච්චි මලෝ... පුතත් මලෝ...
මම හිතනවා වෛද්‍ය සජිත් මංජුල මහතාට රාජ්‍ය සංස්ථාවක් පාලනය කිරීමට ලොකු අත්දැකීමක් ඇති කියලා. මොකද මේක ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙනවා වගේ නොවෙයි නේ.
මාළු අල්ලන්න දොස්තර කෙනෙක් ?
උගත් කමේ හැටියට අලුත් තනතුර ගැලපෙනවා වගෙයි.
දොස්තර කෙනෙක් පත් කළේ අල්ලපු මාලුන්ගේ ලෙඩ වලට බෙහෙත් දෙන්නද දන්නේ නැ.
මේකට වඩාත් ගැලපෙන්නේ මෝරෙක් වුනත් මෝර පැටියෙකුට වඩා දොස්තර කෙනෙක් හොඳයි කියල හිත හදා ගම්මු. විද්‍යාත්මක පදනම හැම තැනම දිලිසෙනවා අප්පා.