(කාංචන කුමාර ආරියදාස - ත්‍රිකුණාමලේ සිට)
ත්‍රිකුණාමල කින්නියා ධීවර ඉන්ධන පිරවුම්හලට රජය මඟින් ලබාදෙන සහනාධාර භූමිතෙල් ප්‍රදේශයේ බස් හා ලොරි රථ වලට අලෙවි කරන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වැටලීම් අද (15) සමත්ව තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලැබුණු තොරතුරක් මත එහි විශේෂ කණ්ඩායමක් අද (15) අලුයම එම ඉන්ධන පිරවුම්හල ඇති ස්ථානයේ රැකවල්ලා සිට ලොරි රථ සහ බස් රථවලට භූමිතෙල් ලබා දෙන අවස්ථාවේදී පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් තිදෙනා අතර භූමිතෙල් ලබාගැනීම සඳහා පැමිණි ලොරි රථයේ රියදුරු , රිය සහයක වරයෙකු සහ ධීවර සංස්ථාව මඟින් ඉන්ධන පිරවුම්හළට යොදවා ඇති ඉන්ධන පොම්ප ක්‍රියාකරු සිටින බව විමර්ශන ඒකකය පවසයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් කින්නියා ප්‍රදේශයේ පිහිටි ධීවර සංස්ථාවට අයත් මෙම පිරවුම්හලට භූමිතෙල් ලබාදෙනු ලබන්නේ ධීවර යාත්‍රාවලට ලබාදීම සඳහා බවත් එම ස්ථානයෙන් වෙනත් කුමන ආකාරයකට හෝ භූමිතෙල් අලෙවි කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් බව ධම්මික රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ජාවාරමට සම්බන්ධ තවත් ප්‍රබල පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් කින්නියා පොලිසියට භාරදීමට නියමිත ව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ මේ තරම් ලැජ්ජා නැති ජාතියක් ඉන්නවද මන්දා... හොරකම් කරන්න පුළුවන් හැම කෙනාම තඹ සතයක් හරි කමක් නැහැ හොරකම් කරනවා. දුප්පත් මිනිහට දැන් භුමිතෙල් සහනාධාරය හොරකම් කරන්නේ බස් හා ලොරි තියෙන හොරු ටිකක්... බලාගෙන ගියාම මොන හිඟන්නන්ද කියලා හිතෙනවා.