(අංජුල මහික වීරරත්න)
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය ප්‍රමුඛ උතුරේ ජනතාවගේ සහ නැගෙනහිර පළාතේ බහුතර මුස්ලිම් ප්‍රජාවගේ සහය ගැනීමේ කාර්යය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉටු කිරීමට නියමිතය .
සමස්ත උතුරු පළාතේ සහ නැගෙනහිර පළාත් ජනාධිපතිවරණ ව්‍යාපාරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට ද තීරණය වී පවතී.
මෙම ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ,එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම්, මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළත්ව මෙහෙයුම් කමිටුවක් පත් කෙරෙන අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් රවුෆ් හකීම් , රිෂාඩ් බදුයුදීන් , මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න,පලනි දිගම්බරන් සහ පාඨලී චම්පික රණවක අමාත්‍යවරු එම කමිටුවේ සාමාජිකත්වය දරති.
කොළඹ ගම්පහ සහ කළුතර ඇතුළු ප්‍රදේශ බස්නාහිර පළාත් ජනාධිපතිවරණය ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ මහලේකම් අමාත්‍ය රාජිත සේනාරත්න සහ එජාප උප නායක අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිතය.
අමාත්‍ය සුජීව සේනසිංහ, රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුද බස්නාහිර පළාතේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මූලිකව කටයුතු කරති.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ඇතුළත්ව මධ්‍යම පළාතේ ප්‍රචාරක කටයුතු සිදු කෙරෙන්නේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහත්වරුන්ගේ නායකත්වයෙනි.
එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතුවලට නායකත්වය දීමට නියමිතය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන්නේ එජාප මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අධීක්ෂණය යටතේ ය .
ගාල්ල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රමාණය ඉහළ නංවා ගැනීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය අවසන් වීමෙන් පසු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ද ගාල්ල දිස්ත්‍රික්කය ජනාධිපතිවරණ ව්‍යාපාරයට නායකත්වය දීම සඳහා එක්වීමට නියමිතය.
ජනපතිවරණ අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග රට පුරා පැවැත්වෙන ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිවලට එක්වන අතර වෙනමම වැඩපිළිවෙළක් මඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සඳහා දායකත්වයක් දීමට ද නියමිත ය.
අනෙකුත් දිස්ත්‍රික්ක කීපයේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ වගකීම පැවරෙන ආකාරය පිළිබඳව ලබන අඟහරුවාදා අවසන් තීරණයකට එළඹීමට අපේක්ෂිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ .....ජාතිය පාවලා දීලා වැඳගෙන යන්නේ. සිංහල මිනිස්සු මෙච්චර ඉන්න රටේ සිංහලයන්ගේ මනාපය දිනා ගන්න බැරි පාලකයන් කියන්නේ කවුද? පස්සෙන් යන අයට මේක නොතේරෙන හැටි.....
මහත්තයෝ අපිවත් ගොනාට අන්දන්නද හිතන් ඉන්නේ? මෙච්චර කල් කට්ටියම එකතුවෙලා නොම්මර එකේ බොරු රංගනයක් කරගෙන ගියාට දැන් ඔක්කොම එළි වෙනවා. ඔය ඔක්කොම රංගන කරලා අන්තිමට සජිත් මහත්තයට දෙන්නේ හංසයයි සන්ධාන පක්ෂෙකුයි නේද? අලියයි යු.එන්.පී එකයි පක්ෂේ සදාකාලික නායකකමයි තමුන්නාන්සේ ගාව තියාගෙන නේද? ඔය විදියට සජිත් දිනුවත් එයාට කවදාවත් නියම නායකයෙක් වෙන්න නීතියෙන් ඉඩක් ලැබෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ ඔබතුමා ඇතුළු කණ්ඩායමට හිතෙන විදියට දිගටම රට කරගෙන යන්න ඉඩ දීලා නිකම් බලාගෙන ඉන්න නේද? ඔබතුමාට හොඳ මොලයක් තියෙන බව පේනවා. එහෙම වෙන කොට රටට හරිම සෙතක් වේවි.
මරු සෙට් එක.....
සා.පෙළ සමත් අයෙක් දැමීමට නොහැකි වීම ගැන අගමැතිතුමා දුකින් වගේ.
එහෙනම් සිංහල ඡන්ද නැතුවට කමක් නැතුව ඇතිනේ. දෙන පොරොන්දු එළිපිටම කියන්න.
අපේක්ෂකයන්ගේ සුදුසුකම් ගෝඨාභය රාජපක්ෂ 1. ලුතිනන් කර්නල් (Msc (IT)- කොළඹ විශ්වවිද්‍යාලය , Psc, රණවික්‍රම, රණශුර ) වඩමාරච්චි , අකුණුසැර, ත්‍රිවිධ බල මෙහෙයුම් වලදී පාබල හමුදා බලකා වලට අණදී ඇත. කොතලාවල ආරක්ෂක ඇකඩමියේ ප්‍රධානියා වශයෙන් විශ්‍රාම ලබා ඇත. 2 පරිගණක පද්ධති ප්‍රවර්ධක හා සුර්ය බල පද්ධති ආයතනයක පරිපාලක වශයෙන් සේවය කොට ඇත 3. ආරක්ෂක ලේකම් හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් සජිත් ප්‍රේමදාස 1. 10 වසර සමත් , ආර්ථික විද්‍යා උපාධි පාටමාලා සහභාගිත්වය 2. නියෝජ්‍ය ඇමති ( වසර 2.5) - සෞඛ්‍යය හා පෝෂණ කටයුතු 3. කැබිනට් ඇමති ( වසර 5) - නිවාස හා ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු
ගෝඨාභය කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විද්‍යා උපාධිදරයෙක්.
එස් ඒ ඒම් ගේ කතාවට මමත් එකඟයි. සිංහල අපි කවදත් කුණු කු
බුර්කාව,ෂරියා නීති,ළමා විවාහ,ඒක පාර්ශවිය දික්කසාද කමක් නැහැ හොදේ !
ඕකට එච්චර කරදර වෙන්න ඕනේ නැහැ. ඒ ගොල්ලන්ට දීපු ලැයිස්තුවයි, අනික් ගොල්ලන්ට නොදී හිටපු ලැයිස්තුවයි, ඒ ගොල්ලන්ගේ කීම පිට මේ ගොල්ලන්ට නොදී හිටපු ලැයිස්තුවයි, මේ ගොල්ලෝ එපා කියද්දී ඒ ගොල්ලන්ට දීපු ලැයිස්තුවයි ආදී වශයෙන් ලැයිස්තු ටික ඒ ඒ පළාත්වලට ගිහින් ඉදිරිපත් කළා නම් වැඩේ හරිනේ.
ඉල්ලන ඉල්ලන ඕනෑම දෙයක් දෙන්න.....
සිංහල බෞද්ධයෝ අනාතයි.
ප්‍රභාකරන් සමඟ එකතු වී හෝ රාජපක්ෂ පරාජය කළ යුතුයි.
ජ.වි.පෙ. ත් මේකට එකතු වුනානම් හොඳයි කියලා හිතෙනවා.
ඔය කමිටුවකින් කෙනෙක් පිට පළාතකට ගිහින් ඔන්න මෙහෙම කියනවා. "මං අපේ ජනතාව වෙනුවෙන් තමයි වැඩ කළේ. ඔය අක්කර හාර දාහේ ගස් ටික මං කැපුවට පදිංචි කළේ මගේ ජනතාව. මට ඒකට අරයා උදවු කළ බව ඇත්ත. එත් මෙයාල ඊටත් වඩා උදව් කරන්න පොරොන්දු වුනා. ඒ හින්දා මෙයාලගේ කෙනාව දිනවන්න ඕන හරිද? ඉතුරු හරිය මං බලා ගන්නම්.මොකද මගේ ඇමති පට්ටම ඔය කවුරු ආවත් ෂුවර්.
දැන් සිංහලයින්ට වැටහෙන්න ඕන කොයි පැත්තද කියන එක. සිංහල අපට ඇති අවසාන අවස්ථාවෙන් අපි ප්‍රයෝජනය ගෙන මොවුන් පරාජය නොකළොත් මෙහි වැළලෙනවා හැරෙන්න සිංහලයාට වෙනත් විකල්පයක් නොතිබෙනු ඇත.
සහරාන් සමග හෝ එකතුවී ගෝඨා පරාජය කළ යුතුයි.
උපුටා ගැනීමක්. "පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයේ අවසන් නිල ප්‍රතිශතයන් අනුව මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුව 44.69% ක් ලබා ගනිද්දී 2015 ජනවාරි 8 හංසයා සමග එක්ව සිටි බලවේගයන්ගේ එකතුව 55.35% ක් විය. ජ.වි.පෙ. මෙම ජනාධිපතිවරණයේ දී වෙනම තරඟ කරන බැවින් පළාත් පාලන ඡන්දයේ දී ජ.වි.පෙ. ගත් 6% ක් වූ ප්‍රමාණය ඉන් ඉවත් කළ විට හංසයා සමග සිටි පිරිසට 49.35% ක් තිබේ. එනම් අදාල 50% යි එක් ඡන්දයක් ලබා ගැනීමට වඩාත් හැකියාවක් තිබෙන්නේ සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වන සන්ධානයටය. ශ්‍රී.ල.නි.පයේ පූර්ණ සහාය ද සජිත්ට ලබා ගත හැකි නම් ජයග්‍රහණය සාක්කුවේය. ප්‍රතිවාදීන්ට ජම්පර් ඇන්දවීමට කටයුතු නොකළ යුතු යැයි රනිල් කියන්නට ඇත්තේ සජිත්ට ශ්‍රී.ල.නි.පයේ සහාය ලබා ගැනීමට ඉඩ හසර හදා ගැනීමට විය යුතුය."
රනිල් සජිත්ව වෙන පක්ෂයක් මඟින් දාන්නේ තමාගේ බලය පක්ෂය තුල තබා ගන්න.
සජිත් ජනපති අපේක්ෂක, ඒ වුණාට ප්‍රතිපත්ති හදන්නේ රනිල්ගේ ගෝලයා රාජිත, ඒ පෙරමුණේ ලේකම් වෙන්නෙත් රාජිත (මැකෝ සමග කටයුතු කරන්නේ ඔහු). මැතිවරණ ව්‍යාපාරය පාලනය කරන්නේ අකිල විරාජ්. ඉල්ලන පක්ෂේ අයිති රවිට. අගමැති රනිල්. කතානායක දිගටම එම තනතුරටම (කොමිසන් පාලනය ඔහුට). එතකොට සජිත්ට ඕන විදියට මොකවත් වෙන්නේ නැද්ද?
අනේ රවීත් එකතු වුණා.
දැන් මේ මංගල අවස්ථාවේදී සජිත්ට පක්ෂව රැස්වීම් තියලා පක්ෂයේ විනය කැඩුවා කියලා චෝදනාවට ලක්වුණු සහ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමකට නිර්දේශ වුණු කඩුවෙල සුජී සහ බණ්ඩාරගම අජී දෙදෙනාට මොකද කරන්නේ? ඒ අයවත් උත්සවාකාරයෙන් පිළිඅරන් අර පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන්න නිර්දේශ කරපු කට්ටියව එළියට දානවද?
මෙදාපාර අපි ගෝඨා සර්ට...!!!
රට කාලා... කාලා... නැති ත්‍රස්තවාදයක් ඇතිකරලා. තවත් රට වලපල්ලට යවන්නද හදන්නේ?
සිරිමල් ඔයා පසුගිය පළාත් පාලන මැතිවරණයයි 2015 ජනාධිපතිවරණයයි පටලවාගෙන. නැත්නම් ඔයා ගණන් ඉගෙනගෙන එන්න.
රනිල් මහත්තයෝ ....මේ පාර සිංහලයගෙන්ම හොඳ පාඩමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි.
ඔබේතුමාට මොකද රටට හෙන ගැහුවත් කමක් නැහැ. පුටුව රැකුණා නම් ඇති... ඔබතුමාගේ සහ එජාප පාලනය රටට මහා විනයක්... ඉන්න සියල්ලම එහෙමයි, ඔක්කොම වැඩ කරන්නේ පුද්ගලික දේවල්වලට... ගසාකෑමේ පරමාර්ථයෙන්... කරුණාකර දැන්වත් හොර රැළත් එක්ක ගෙදර යන්න.
මේ පාර කවුරුවත් දිනන්නේ නැහැ. දිනන්නේ මේ රටේ දෙමල භාෂාව කතා කරන මුස්ලිම් ද්‍රවිඩ ජනයා පමණි...