IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව නවතී

(මහින්ද නිශ්ශංක)

ඉල්ලීම් තුනක් මුල්කරගෙන දුම්රිය ශ්‍රේණි ගණනාවක සේවකයන් අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සිටි දින හතක වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය තාක්‍ෂණ සේවා වෘත්තීය සමිති කමිටුවේ ලේකම් ඩබ්ලිව්.බී.එස්. කමල් පීරිස් මහතා පැවසීය.

සේවක වැටුප් වැඩිවීම, දිරිදීමනාව හා පැය 40 සේවා සතිය ස්ථාපිත කිරීම යන ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ 

ලේකම් ජී.එස්. විතානගේ මහතා ලිඛිත පොරොන්දුවක් දීම නිසා ඉකුත් 8 වැනිදා රැස්වූ කමිටුවේ විධායක සභාව වර්ජනය අත්හිටුවීමේ තීරණයට එළඹි බව ද කමිටු ලේකම්වරයා කීය.

දුම්රිය ශ්‍රේණීන් කීපයකට ලබාදුන් සියයට 12.1ක වැටුප් වැඩිවීම සියලුම විධායක නොවන දුම්රිය සේවකයන්ට ලබාදීමේ ක්‍රමවේදය සකස් කිරීම සඳහා තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව මගින් යෝජනා ක්‍රම දෙකක් ප්‍රවාහන අමාත්‍යාංශයට හා දුම්රිය සාමාන්‍යාධිකාරි මහානාම අබේවික්‍රම මහතාට හෙට (13) බාර දෙන බව ද ඔහු සඳහන් කළේය.

දුම්රිය සේවක තුන්වැනි පන්තියේ සිට දෙවැනි පන්තියටත් දෙවැනි පන්තියේ සිට පළමු පන්තියටත් වැටුප් පරිවර්තනය කිරීම සහ පළමු පන්තිය සඳහා අලුත් වැටුප් පරිමාවක් සකස් කිරීම සඳහා කමිටුව යෝජනාවක් ඉදිරිපත් කරන බවත් මෙම යෝජනා දෙකෙන් එකකට හෝ පිළිගත හැකි විසඳුමක් නොලැබුණහොත් නැවත වර්ජනයට එළඹෙන බවත් ඔහු පැවසීය.

 



අදහස් (0)

දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site