IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දුම්රිය ප්‍රමාදයන් ගැන ඇමැති වාර්තාවක් ඉල්ලයි

(නිමල කොඩිතුවක්කු)

නියමිත කාල සටහන් අනුව ධාවනය නොවන දුම්රියන් පිළිබඳව වාර්තාවක් ලබාදෙන්නැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා වෙත දැනුම් දී තිබේ.

කිසිඳු ප්‍රමාදයකින් තොරව දුම්රිය ධාවනය කිරීමේ අරමුණින් මෙම පියවර ගත්බව ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළේය.

දෛනික දුම්රිය ගමන් වාර 400 කට ආසන්න සංඛ්‍යාවක් දැනට ධාවනය වන අතර එදිනෙදා දුම්රිය භාවිත කරන මගීන් ගණන ලක්ෂ තුන ඉක්මවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන වාර්තාවට අනුව 2017 වසරේදී දුම්රිය ප්‍රමාද වී ධාවනය කළ ප්‍රතිශතය 56% ක් වන අතර  2018 වසරේදී දුම්රිය ප්‍රමාදය 59% ක් ලෙස වර්ධනය වී තිබේ.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් කාර්යක්ෂම දුම්රිය සේවාවක් මගීන් වෙත ලබාදීමේ අරමුණින් මෙම පියවර ගත් බවද ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (2)

දුම්රිය ප්‍රමාදයන් ගැන ඇමැති වාර්තාවක් ඉල්ලයි

namali Tuesday, 08 September 2020 03:09 AM

කැලණිවැලි පැත්තේ දුම්රිය හැමදාම මරදාන හා කොටුව අතර නවතාගෙන ඉන්නවා.

:       1       3

Perera Tuesday, 08 September 2020 09:06 AM

මේ වාර්තා මොකටද.?? ලංකාවේ දුම්රියක් බස් එකක් වෙලාවට ගියේ කවද්ද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site