(විනීතා එම් ගමගේ)

භූ විද්‍යා  හා පතල් කැණීම් කාර්යංශයේ පාෂාණ විද්‍යාගාරය, විශ්ලේෂණ විද්‍යාගාරය හා පාෂාණ කෞතුකාගාරය පාසල් සිසුන් හා විශ්ව විද්‍යාල සිසුන්ගේ විෂයානුබද්ධ දැනුම පුළුල් කර  ගැනීම සඳහා පරිශීලනය කිරීමට අවසර දීමට කාර්යංශ පරිපාලනය තීරණය කර ඇත.

සිසුන්ට විෂයානුබද්ධ දැනුම පුළුල් කර ගැනීමට මෙන්ම ප‍්‍රායෝගික දැනුම ලබා ගැනීමට මෙම විද්‍යාගාර හා කෞතුකාගාරය ලබාදීම එම කාර්යංශයේ සභාපති අසේල ඉද්දවෙල  මහතාගේ යෝජනාවකැයි එහි නිලධාරියෙක් පැවැසීය. 

මෙහි මුල් අදියර ලෙස පාසල් කිහිපයක පහ වසර සිසුන් සඳහා මේ මාසය තුළ ඉඩ ප‍්‍රස්තාව  ලබා දීමට  කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම වැඩසටහන ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ  ප‍්‍රධානත්වයෙන් ඇරඹෙන බව ද ඔහු පැවැසීය.