(විනීතා එම්. ගමගේ)
රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් නීති විරෝධී අන්දමින් නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට අනුයුක්ත කරන්නට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කළහොත් දැඩි වෘත්තිය ක‍්‍රියාමාර්ගවලට එළැඹෙන බව එම සංගමයේ ලේකම් දන්ත ශල්‍ය වෛද්‍ය විපුල වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය.
ඒ පිළිබඳ තීන්දුවක් ගැනීමට සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සතියක කාලයක් ලබා දෙන බවත් දැනටමත් කර ඇති පත්වීම අවලංගු කිරීමට එම කාලයේ කටයුතු නොකළහොත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාකර එකඟතාවයකට එන බවත් හෙතෙම පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප‍්‍රධාන කාර්යාලයේ දී අද(2) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු එසේ කීය.
COMMENTS
(දත්) දොස්තර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව දන්ත වෛද්‍යවරු දැඩි වෘත්තිය ක‍්‍රියාමාර්ගවලට එළැඹෙන බව එම සංගමයේ ලේකම් දන්ත ශල්‍ය වෛද්‍ය විපුල වික‍්‍රමසිංහ කරන ප්‍රකාශය හාස්‍ය ජනක නැද්ද ?
මේ අයට ලැජ්ජා නැති කමක මහත. දොස්තරලා ගේ පඩිය ගන්න දුන්නේ නැහැ. මාස ගාණක් වර්ජනය කරලයි එ්ක ගත්තේ...
ඇමතිතුමා පටන් ගත්ත තැනින්ම කෙලවර කර ගන්න වගේ හදන්නේ...
මෙච්චර ලස්සන දත් දෙපළක් තිබෙන මේ දැරිවිය මොන එහෙකටද දත් දොස්තර අසුනේ වාඩි ගත්තේ? වැඩ වර්ජනයකට අර අඳිමින්, දැන් කේන්තියෙන් ඉන්න නපුරු දත් දොස්තර කෙනෙක් මෙයාට ප්‍රතිකාර කරන්න අවොත්, මෙයාගේ දත් දේපල විරූපී කරනවාමයි !!!