(අමල් වික්‍රමරත්න)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ (25) අද පෙරවරුවේ සිට දැඩි රථවාහන තද බදයක් පවතින අධිවේගී මාර්ග නඩත්තු සහ මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂක සමන් ඕපනායක මහතා පැවසීය.සති අන්ත නිවාඩුවත් පාසල් නිවාඩු කාලයත් නිසා දිනපතාම ධක්ෂින අධිවේගී මාර්ගයේ දෛනිකව ගමන් ගන්නා වාහන ප්‍රමාණය බොහෝ සෙයින් ඉහල ගොස් ඇති බව ඒ මහතා පැවසීය.
බොහෝ විට උදෑසන සහ සවස් කාලයේ කඩවත ,අතුරුගිරිය ,පින්නදූව සහ ගොඩගම යන ස්ථානවල පිවිසුම සහ පිටවීමෙ මාර්ග වල තද බදයක් හටගෙන ඇතිබවද ඔහු පැවසීය.
මේ වනවිට සාමාන්‍යයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෛනිකව රථවාහන හැත්තෑ දහසක් ගමන් කරන බවත් අද දිනයේ දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළත් කරන රථවාහන සංඛ්‍යාව එක්ලක්ෂ දස දහසද ඉක්මවා යාම මෙම රථවාහන තද බදයට හේතුව බව අධ්‍යක්ෂවරයා පැවසීය.
මේ හේතුවෙන් රථවාහන ධාවනයේදී විමසිලිමත් වන ලෙස ඔහු රියදුරන්ගෙන් ඉල්ලා සිටියහ.
COMMENTS
මේවා දාන්න එපා. ලක්ෂ 62 ට වහ කදුරු වගේ ගිය රජය කරපු දේවල් වල සාර්ථකත්වය ගැන කියද්දී.. ඒ කූඩැල්ලන්ට ඕනෙ කැලේට වෙලාම ඉන්න මිසක් මෙ රට දියුණු රටක් විදියට ඉස්සරහට එන්න නෙමෙයි. ඒ කාලෙ මේ අයට (ලක්ශ 62 ට) තිබුණු ලොකු ප්‍රශ්නයක් හම්බන්තොට වරායෙ තිබුණු ගල. වරාය චිනෙට විකුණනකොට එ් ගැන කිසි කතාවක් නැහැ මේ වහල්ලු. අද ඒ කියපු ගලකුත් නැහැ. වරායෙන් මේ රටට ගන්න තිබුණු ලාබෙත් නැහැ.
මේ අධිවේගී මාර්ගයෙන් රටට වෙන සේවය නිම කරන්න බෑ. මේ ලක්ෂයක් දෙනාගේ ඉතුරු වෙච්ච කාලයම ලක්ෂ ගානක් වටිනවා. ඒ වගේම අධිවේගේ නිසා ගාලු පාරවගේ අනෙක් මාර්ගවල වෙන අනතුරුත් අඩු වෙනවා. අධිවේගී මාර්ග හැම ප්‍රධාන නගරෙකටම දැම්මොත් රට දියුණු කරන එක හීනයක් නෙවෙයි. මිනිස්සුන්ට නිකන් ගෙවලුයි, සහනාධාර දෙනවට වඩා මේ වගේ යටිතල පහසුකම් දියුණු කිරීමෙන් රටට වෙන ප්‍රතිලාභ ගොඩක් වැඩියි.
වෙන රටවල අධිවේගී මාර්ග භාවිතා කරන්නේ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට හා නිමි නිෂ්පාදන භාණ්ඩ අදාළ පරිශ්‍ර වලට ප්‍රවාහනය කරන්නයි. එහෙම නැතුව සති අන්තවල නෑදෑ ගෙවල් වලයි විනෝද ගමන් යන්නයි නෙමේ. ලැජ්ජාවයි හිරිකිතයයි නැතුව මේ ලොක්ක කියන්නෙම අපබ්‍රංශ. මම දකිනවා දක්ෂිණ අධිවේගයේ බෑවුම් වල දිගටම අඩි ගණන් උසට තණ කොළ වැවිලා. අනේ නඩත්තු හා මෙහෙයුම් ලොක්කෝ... පොඩ්ඩක් මලයාසියාව පැත්තට වගේ ගිහින් නිරීක්ෂණය කරන්න අධිවේගී මාර්ග (මලයාසියාවේ ඉඳල සිංගප්පූරුවට දිවෙන අධි වේගය විශේෂයෙන්) නඩත්තු කරන්නේ කොහොමද කියලා. ඉහලින් ලකුණු දාගන්න ප්‍රකාශ දදා ඉන්නේ නැතුව. චින්තනයෙන් අපි තාමත් ඇමර්සන් වනන්තරේ.
අමල් ලක්ෂ 62ටත් බදු ගෙව්වා ඕවා හදන්න.. මරා ගේ බූදලයකින් නෙමෙයි.. හොරකම් කරපු එකයි අවුල...
නස්රුදීන් මොන රටේ දැක්ක අදිවේගී මාර්ගයක් ගැනද කතා කරන්නේ? ඕනෙම රටක නිවාඩු කාලෙට මාර්ග තදබදය ඇතිවෙනවා.
අමතකද ජවිපෙ මේක හදද්දී කිව්වා මහින්දට මාළු ඇඹුල් තියලුයි ඉඳිආප්පයි ගේන්න තමයි මේක හදන්නේ කියලා. කිලෝමීටරේට යන ගාන බලලා රත්තරන් වලින් හදන්නේ කිව්වා. දැන් නුවර එක ඊට වඩා වියදමක් දරලා හදද්දී සද්ද නැහැ
කොහොමත් මහපාරේ පමණක් නොවේ... අධිවේගි මාර්ගවලත් "ඉබාගාතේ" යන පිරිස අඩුවෙන්න තරම් කිසිම සාධාරණ හේතුවක් ලංකාවේ තිබෙන්න බැහැනේ.. ඒ නිසා ඉබාගාතේ යන එකත් සංවර්ධන මිම්මක් ලෙස සලකන රටක, ඒ පැත්තෙන් හෝ ඉදිරියට යන්නේ නැතිව වෙන කුමන පැත්තකින් ඉදිරියට යන්නද?
වාහන ලක්ෂයක්? එතකොට පැයකට 4167ක්නේ... ඇතුළුවීම් කොපමණ තියෙනවද?
අප්පුහාමි.. එදාටත් වඩා දෙගුණනයකින් අපි දැන් බදුගෙවනවා. රජයේ වෙන සංවර්ධනයකුත් නැහැ. ඒ බදු සල්ලිවලට වෙන දෙයකුත් නැහැ. රුපියලත් මස්ත බාල්දුවෙලා..
තිළිණ දක්ෂිණ මාර්ගය තැනිතලා පොළොවේ නමුත් නුවර එහෙම නැහැ.. කඳු දෙකක් යා කරන්න ඕනෑ විශාල පාලම්වලින්... කොහෙද වැස්සකටවත් ස්කොලේ ගිහින් නැද්ද?
ළිං මැඩි ආකල්පයෙන් බැහැර වෙලා ලෝකය දෙස ඇස් අැර බලන්න. බලා ඉදිරියට යන්න.
අධිවේගී නම් කොහොමද අයියෝ තද බද ඇතිවෙන්නේ? දැන්වත් පේනවද මෙහි සැලසුම්වල වැරදි?
ප්‍රභා වෙත, පුංචි ළිං කටින් මතු වී අඳුර දුරලා - බලන් කඩතුරා හැර දෙනුවන් යොමා සත් සමුදුර පරයා....
නස්රුදීන් මම වසර 20ක් ඉන්නේ යුරෝපේ. රැකියාව සංචාරක රියදුරු... ඉතින් මොනවට අධිවේගී මාර්ග ගැන කතා කරනවද?
ප්‍රභාගේ අදහස නිවැරදියි. මා දැක තිබෙනවා යුරෝපයේ පමණක් නොවේ, උතුරු ඇමෙරිකාවේත් අධිවේගී මාර්ග භාවිතා වන්නේ මගී හා භාණ්ඩ ප්‍රවාහන යන ද්විත්ව කරුණු සඳහායි. එබැවින් අනිකුත් රටවලත් දිගු සති අන්තවල ස්වභාවයෙන්ම මේ මාර්ග තුල දැඩි තදබදයක් පවතිනවා. කෙසේ වෙතත් මා සිතන පරිදි අධිවේගී මාර්ගවලින් රටේ සියලු ප්‍රදේශ යාවී, රටේ සියලුම ප්‍රදේශ එකසේ සංවර්ධනය වීමට වැඩි රුකුලක් ලැබේය කියා...
ප්‍රභා, ඩයස් දෙසොහොයුරානන් වෙත, ඔබලාගේ අදහස් වලට මම ඉතසිතින් හිස නමමි. මාගේ ප්‍රකාශයේ යටි පෙළ අරුත නිසි ලෙස අවබෝධ කර ගැනීමට කරුණාකර උත්සාහ කරන්න. ඔබට ජය සතුට පතමි.
අධිවේගී නොමැති කාලේ පැලියගොඩ සිට ගුවන් තොටුපොළට, මීගමුවට එන්න පැය දෙක හමාරක් විතර යනවා තෙල් ටැංකිය හිස් ,දැන් විනාඩි 18.මොනතරම් මුදලක් කාලයක් ඉතුරුද??
අපේ රටේ එවුන්ට මොනව කලත් වැඩක් නැ. හදල දුන්න දේ රැක ගන්න දන්නෙත් නෑ. හිටපු මනුස්සය කරපු දේ සහ එහි වැරදි කිය කියා ඉන්නව ඇරෙන්න මුන් කරන දෙයක් නැ. ගහපු බෙරේකුත් නෑ නටපු නැටුමකුත් නෑ අන්තිමට. අනික මොන කරන්න ගියත් නැ බෑ මිසක් කොහොම හරි කරනවා කියල නෙමේ මුන් හිතන්නේ ඉතිං දැං ලංකාවට එදා වේල කන්නත් ණයට ගන්න වෙන එක අහන්නත් දෙයක්ද. නටන්න බැරි මිනිහට පොලව ඇදයි කියන එක මේ ආණ්ඩුවට නියමෙට ගැලපෙනවා.