ඇමෙරිකා එක්සත් ජනපදය දකුණු කොරියාව තුළ තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් චීනය තම දැඩි විරෝධය පළ කර ඇත. දකුණු කොරියාවේ ස්ථාපිත කරන ලද තඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කරවීම ආරම්භ කළ බව ඇමෙරිකා හමුදා අඟහරුවාදා (2) පෙරවරුවේ ප්‍රකාශ කළ අතර ඉන් පැය කිහිපයකට පසු චීනය තම විරෝධය දැක්වීය.
උතුරු කොරියාවෙන් එල්ල විය හැකි මිසයිල ප්‍රහාරයකින් ආරක්ෂා වීමේ අරමුණින් දකුණු කොරියාව තුළ තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කළ බව ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීහූ සඳුඳා (1) ප්‍රකාශ කළහ. චීනය මීට පෙරත් දකුණු කොරියාව තුළ තාඩ් මිසයිල පද්ධතියක් ස්ථාපිත කිරීමට තම විරෝධය පළ කළේය.
“අපේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ඕනෑම දැඩි තීරණයකට එළැඹෙනවා” යැයි මාධ්‍ය හමුවක් අමතමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශ ජෙන් ෂුවෑන්ග් පැවැසීය.
තඩ් මිසයිල ආරක්ෂණ පද්ධතියේ රේඩාර් යොදා ගනිමින් ඇමෙරිකාව ඔත්තු බලනු ඇතැයි චීනය තර්ක කරයි. කෙසේ වෙතත් මෙම තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය ආරක්ෂාව සඳහා පමණක් යොදා ගන්නක් බව වොෂින්ටනය ඊට පිළිතුරු දෙමින් කීය.
අසල්වැසි උතුරු කොරියාවේ මිසයිල හා න්‍යෂ්ටික අත්හදා බැලීම් සඳහා වැඩි දායකත්වයක් සහ අවධානයක් දක්වන ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට අවධාරණය කළ චීන ජනාධිපති ෂී ජින්පින්ග් උතුරු කොරියා අර්බුදය විසඳීම සඳහා කර ඇති මැදිහත් වීම ද අගය කළේය.
දෙවැනි ලෝක යුද්ධයත් හා සෝවියට් රුසියාව හා ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර පැවැති නිරවි යුද්ධය උතුරු හා දකුණු කොරියාව අර්බුදයට මූලික හේතු විය.
උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර යුද්ධය 1950 වසරේදී ආරම්භ වූ අතර එය 1953 වසර දක්වා පැවැතිණි. එම යුද්ධයට සාමයෙන් අවසන් නොවූ අතර තාවකාලික යුද විරාමයකට පිවිසීමට උතුරු හා දකුණු කොරියාව එකඟ විය.
ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය සහ දකුණු කොරියාව විනාශ කරන බවට උතුරු කොරියානු පාලනය නිරන්තරයෙන් තර්ජනය කරයි.
2025 දෙසැම්බර් මස 18
604
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු කොරියාවේ තාඩ් මිසයිල ගැන චීනයෙන් විරෝධය