IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තරුණියක් රවටා විසි ලක්ෂයක් වංචා කළ තරුණයෙක් සොයා මෙහෙයුම්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

අන්තර්ජාලයේ ෆේස් බුක් ගිණුම ඔස්සේ දැන හඳුනා ගෙන එක්සත් රාජධානියේ  සිට ත්‍යාගයක් එවන බව පවසා මාතර හිත්තැටියේ පදිංචි 34 හැවිරිදි තරුණියකගෙන් රුපියල් විසි ලක්ෂ පනස් දෙදහස් පන්සීයක මුදලක් බැංකු ගිණුම් වලට බැර කරවා ගෙන මුදල් වංචා කර බව කියන පුද්ගලයින් පිරිසක් සැක පිට අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව මාතර කොට්ඨාස වංචා විමර්ශන ඒකකය පවසයි.

මාතර නගරයේ පෞද්ගලික ආයතනයක රැකියාව කරන ඇය ෆේස් බුක් ගිණුම ඔස්සේ එක්සත් රාජධානියේ සිටින බව කියන සැකකරුවකු හදුනා ගෙන තිබේ.

ඔහු වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල ඇමතුමක් ලබා ගෙන ඇය සමඟ ඉංග්‍රීසි භාෂාවෙන් කතා බහ කර ඇත.

ඇයට ත්‍යාගයක් ලෙස එවීමට කැමති ඇදුම් පැළදුම්,මාල රන් ආභරණ ඇතුළු භාණ්ඩ රැසක් ඡායාරූප ද බැලීමට එවා තිබේ.

වියදම සදහා යුරෝ තිස් දෙදහසක මුදලක් ද තෑගී පාර්සලය සමග එවන බව දැනුම් දී ඇත.ඒ අනුව ඉන් දින කිහිපයකට පසු තවත් පුද්ගලයෙකු ඇයට අන්තර්ජාල ඇමතුමකින් පවසා ඇත්තේ මිතුරා දුන් ත්‍යාග පාර්සලය රැගෙන ආ බවත් එය රේගුවෙන් නිදහස් කර ගැනීමට මුදල් එවන ලෙසත්ය.

එම දැනුම් දීම පරිදි ඉකුත් මාර්තු මස 16 සිට 21 දක්වා අතර දින පහක කාලය තුල ඇය වර රුපියල් විසි ලක්ෂ පනස් දෙදහස් පන්සීයක මුදලක් සැකකරු විසින් ලබා දුන් මෙරට බැංකු ගිණුම් හතකට බැර කර තිබේ.

ත්‍යාගය එවීමට නම් තවත් ලක්ෂ තුනක් අවශ්‍ය බවත් මේ වන තෙක් පොරොන්දු වු පරිදි ත්‍යාගය නොලැබීම නිසාත් ඇති වු සැකය මත එම තරුණිය පොලීසියට පැමිණිලි කර තිබිණි.



අදහස් (14)

තරුණියක් රවටා විසි ලක්ෂයක් වංචා කළ තරුණයෙක් සොයා මෙහෙයුම්

පිටිගල මිලානෝ Sunday, 08 April 2018 08:20 AM

ලංකාවේ ඉන්නෙම මෙවන් මෝඩ ගෑණු. ඒ නිසා මෙවන් ගෑණු අල්ලන්න මෙහෙයුමක් කරන්න.

:       26       401

Thusha Sunday, 08 April 2018 08:41 AM

විසිලක්‍ෂ පනස්දෙදහස් පන්සීයක මුදලක් ! තණකොලද දන්නේ නැහැ කන්නේ." තණ්හාය ජායති සෝකෝ " ...

:       0       241

Aluthgama A. Samathasena. Sunday, 08 April 2018 08:46 AM

මෙම තරුණිය ලැජ්ජාවට හෝ පැමිණිලි නොකලා නම්, මෙය සදාකාලික රහසක් වීමට ඉඩ තිබුණා. වෙලාවට ඇය පැමිණිලි කළා. මීට පෙර මේ ගැන දැනුවත් වුනානම් කොතරම් අගනේද? මෙයින් එක දෙයක් පෙනී යනවා. අපගේ රජය සහ වගකිව යුත්තන් සිටින්නේ හොරුන්ගේ බුද්ධියට පසුවයි. මෙවැනි දේ ගැන කාටත් හොර රහසේ සොයාගෙන හොරුන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකිනම් එය කොතරම් අගනේද? සමහර තරුණයන් අන්තර් ජාලය මාර්ගයෙන් සාධාරණ ලෙස ව්‍යාපාර කරගෙන යනු පෙනේ. එබැවින් ඔවුන්ව ආරක්ෂා කරගැනීමද සිදුවිය යුතුය. මන්ද යත් අන්තර්ජාලයේ ව්‍යාපාර කරන සියල්ලෝ හොරු නොවෙති. අන්තර් ජාලය හරහා කෙරෙන සියලු ගනුදෙනු සම්බන්ධයෙන් වහාම නිසි ක්‍රමවේදයක් ඉතාමත්ම ඉක්මනින් අත්‍යාවශ්‍යය.

:       22       50

ලුම්බිණි Sunday, 08 April 2018 08:55 AM

මෙපමණ මුදල් ප්‍රමාණයක් නොහඳුනන කෙනෙකුට ගෙවන්න තරම් මෝඩ අය ඉන්නවා කියලා මම නම් හිතුවේ නැහැ. මේ හොරු ටික අල්ලගන්න පුළුවන් වේවා කියලා පතනවා.

:       0       141

ඩී. ජයදේව Sunday, 08 April 2018 09:20 AM

මේ වගේ පුද්ගලයින්ට ඡන්ද අයිතියත් තියෙනවා කියලා හිතන කොටත් භයංකාරයි.

:       0       551

naradha Sunday, 08 April 2018 09:30 AM

මෙවැනි මෝඩ තරුණියන් ලංකාවේ සිටිනවා යයි අහන්නට ලැබීම රටටම ලැජ්ජාවක්. ඔය ෆේස් බුක් එකෙන් ලංකාවේ පමණක් නොව, ලෝකය පුරාම වැඩියෙන්ම සිදුවන්නේ ඕපාදූප සහ කටකතා පැතිරවීම පමණයි. මෙය ලංකාවේ සදාකාලිකව තහනම් කල යුතුයි.

:       511       559

shan saudi Sunday, 08 April 2018 10:38 AM

මෙතරම් මෙවන් දේවල් දවසින් දවස පුවත් පත්වල පළවෙද්දී තාමත් මේවට අහුවෙනවනේ.

:       0       7

Sarasi Sunday, 08 April 2018 12:25 PM

සමහර කාන්තාවන්ට පරිගණකයක් තමන්ගේ දියුණුවකට යොදා ගැනීමේ විචාර බුද්ධියක් නැහැ. මම දන්නා උගත් කාන්තාවක්ද මේ වාගේම පිටරටින් තෑගි ලැබෙන ගැටයකට අසුවෙලා දැන් හූල්ලනවා. ඇත්තටම සමහර කාන්තාවන්ට නිකම් ලැබෙනවා නම් හෙම්බිරිස්සාව වුනත් කමක් නැහැ.

:       0       324

don Sunday, 08 April 2018 02:41 PM

බත් කන ගවයෙක් මාතරින් හමුවේ...

:       2       149

padmini Monday, 09 April 2018 04:39 AM

කාන්තාවන් මේ තරම් අනුවන කම් කරන කොට පවුල් සංස්ථාව කොහොමද ගොඩ නගන්නේ, අනේ, ඔය පොලිසියේ මහත්වරු හෝ මැදිහත් වෙලා උපදේශන සේවාවන් ලබා දෙන්න.

:       0       0

sumith Monday, 09 April 2018 05:03 AM

ගැහැණුන්ගේ මොලේ හැඳිමිටේ දිග කියල පැරණි මුතුන් මිත්තෝ කීවනේ...

:       0       7

KANDEPOLA Monday, 09 April 2018 08:04 AM

මේ වගේ මෝඩයින්ට මෙහෙම වෙලා මදි...

:       0       0

Lakmal Monday, 09 April 2018 08:14 AM

මෙය දැන් ඉතාමත් බහුලව සිදු කෙරෙන වංචනික ක්‍රියාවකි. වෙන කොහේ හෝ රටක ඉන්න ජීවීතේට ඇසින් දැක නැති අයෙක් ඔබ සමග කුළුපගවී ඔබට ලක්ෂ ගණන් මුදල් හෝ වෙනත් භාණ්ඩ එවන බව පවසන විට එය විශ්වාස කරන ඔබ නම් අනුවණයෙකි. රුපියල් 20කට මිලදී ගන්නා ලොතරැයිය නොඇදෙන ඔබට වෙන කොහේ හෝ රටක ඉන්න අයෙකුගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලැබේවියි විශ්වාස කිරීමම ගොන්කමකි. මේ ආකාරයෙන්ම වංචනික ලෙස ව්‍යාජ ඇඩ්ස් දමා මුදල් ලබා ගන්නා ජාවාරමක් ඔන්ලයින් ඇඩ්ස් දමන වෙබ්අඩවි හරහා සිදු කෙරේ. කිසියම් කෙනෙක් මෙසේ ඔබෙන් මුදල් තැන්පත් කරන ලෙස ඉල්ලයි නම් එසේ ඉල්ලන තැනත්තා සිටින ස්ථානය අසාගෙන ඔබ එතනට මුදල් රැගෙන එන බව පවසා එතනට යන්න. නැත්නම් අදාල මුදල් ඉල්ලන බව පවසන ආයතනයට කෝල්එකක් දී සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමසන්න.

:       0       0

rocky Monday, 09 April 2018 02:09 PM

මෝඩයින් ඉන්න රටක ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද වලිනුත් එතරම් ප්‍රයෝජනයක් නැහැ. ඔහේ කාටහරි ඡන්දෙ දෙයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site