IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තැපැල් ඡන්ද අයැදුම් කරන්න ගුරුවරුන්ට කාලය මදිලු

අමල් වික්‍රමරත්න
 
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම් කිරීමට ලබාදී ඇති කාලය ප්‍රමාණවත් නොවන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.
 
අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ රාජකාරි කටයුතු වල නිරතව සිටි ගුරුවරු ඇතුළු අධ්‍යාපන ශ්‍රේෂ්ත්‍රයේ සෙසු නිලධාරීන්ට අසාධාරණයක් සිදුවන බව ඒ මහතා පැවසීය.
 
තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීමේ දිනය දීර්ඝ නොකළහොත් අධ්‍යාපන ශ්‍රේෂ්ත්‍රයේ සැලකිය යුතු පිරිසකට පළාත් පාලන මැතිවරණයේ ඡන්ද අයිතිය අහිමි වන බව ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
 
මේ පිළිබඳව අප අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් විමසුවිට සඳහන් කර සිටියේ තැපැල් ඡන්ද අයදුම්පත් බාරගන්නා දිනය කිසිසේත් දීර්ඝ නොකරන බවයි. අද (22)  සවස 04.30ට පෙර තැපැල් ඡන්ද අයදුම්කරුවන් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත අයදුම්පත් බාරදීය යුතුබව පැවසීය.
 
මේවන විට එම කාලය අවසන්වී ඇතැයිද ඒ මහතා පැවසීය.දැනට ගෙන ඇති තීරණය අනුව ප්‍රමාදවී ලැබෙන තැපැල් ඡන්ද අයදුම්පත් භාර නොගන්නා බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.
 
මැතිවරණය ප්‍රකාශ කර දින සිට මාසයකට ආසන්න කාලයක් තැපැල් ඡන්ද බාරදීම සඳහා කාලය ලබාදුන් බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

තැපැල් ඡන්ද අයැදුම් කරන්න ගුරුවරුන්ට කාලය මදිලු

Priyan Friday, 22 December 2017 01:27 PM

කාට ඡන්දෙ දෙන්නද? ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. අපේ මේ පැත්තේ අපේක්ෂක ලැයිස්තුවේ ඉන්නවා දුරාචාරවල යෙදෙන හතරක්, මත්ද්‍රව්‍යවලට සම්බන්ධ 3ක්, අශීලාචාර තක්කඩි 8ක්. ඒ අයව දකින්නවත් කැමති නැති නිසා ඡන්දෙ මගහැරෙන එකත් හොඳයි...

:       47       26

Appuhami Friday, 22 December 2017 06:15 PM

ගුරුවරු ඡන්ද වැඩවලට අවශ්‍ය නැහැ. අනෙක් සේවකයන් ගන්න පුළුවන්.

:       30       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site