( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් නැමැත්තා මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කරන ලදැයි චෝදනාවට වරදකරු කරමින් තමන්ට පනවා ඇති වසර විස්සක සිරදඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලා තංගල්ල ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ගොනු කළ අභියාචන පෙත්සම් විභාගය අද (12) කැඳවූ අවස්ථාවේදී හිටපු සභාපතිවරයා රෝද පුටුවකින් කොළඹ අලුත්කඬේ උපරිමාධිකරණ සංකීර්ණය වෙතට පැමිණ සිටියේය.
ගිලන් රථයකින් උපරිමාධිකරණ සංකීර්ණය වෙත පැමිණි හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා පසුව බන්ධනාගාර නිලධාරීන්ගේ සහයෝගයෙන් රෝද පුටුවක් මත නැග එම අභියාචන පෙත්සම් විභාගය සිදු කෙරෙන අභියාචනාධිකරණය වෙත ගියේය.
ඔහුට ඇති වූ හදිසි හදවත් රෝග තත්ත්වයක් හේතුවෙන් මෙලෙස රෝද පුටුවකින් පැමිණි බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
2011 වසරේ දෙසැම්බර් 25 වැනිදා තංගල්ල “ද නේචර් ” හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් නැමැත්තා මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කරන ලදැයි චෝදනාවට මහාධිකරණයෙන් වසර 20ක සිර දඬුවමක් ලබා සිටින තංගල්ල ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු චූදිතයින් සිව් දෙනෙකු වරදකරුවන් කළ අතර නීතිවිරෝධී ගිනි අවියක් ළඟ තබා ගැනීම , අයුතු ජනරාශිය , මිනීමැරීම , ස්ත්‍රී දූෂණය ඇතුළු චෝදනා එම අධි චෝදනා වලට අයත් විය.
මෙම නඩුව විභාගයට ගැනීමෙන් පසු විනසුරු රෝහිනී වල්ගම මහත්මිය 2014 ජූලි 17 වැනිදා සිය තීන්දුව ප්‍රකාශ කරමින් විත්තිකරුවන්ට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම් නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් අවුරුදු විස්සක් වත් ලැබුනොත් තමා හොඳ!
පහුගිය දවස්වල අනුරාධපුරය පැත්තේ රජයේ සේවකයෙක් රුපියල් පහාලොස් දාහක අල්ලස් ගත්තය කියලත් අවුරුදු විස්සකටද කොහෙද හිරේ ඇරියා .එතකොට මිනිහෙක් මරලා ඒ මිනිහගේ ගෑනිව දූෂණය කරන එකයි. රූපියල් පහලොස් දාහක පගාවක් ගන්න එකයි එක සමාන වැරදි කියලද නීති පොත්වල තියෙන්නේ.
දිට්ට ධම්ම වේදනීය කර්මය
හපෝ මෙයා නම් එලියට දමන්න එපා , මුළු පළාතටම කරන ලොකු උදවුවක් 2014 දී ගරු අදිකරණය දීපු දඩුවම නිවැරදිය වැඩි මිසක් අඩු කරන්න නම් එපා , එළියේ ඉන්න පාතාල කාරයන් හොඳටම ඇති , මෙයත් අවොත් වෙන්නේ ලොකු කරදරයක්
මේ අයට මෙහෙම වෙලා මදි වැරදි වැඩ කරල තවත් ගැලවෙන්නත් හදනවා
කරපු අපරදෙට දඬුවම් අඩු කරන්ඩ එපා. අමුම අමු මැරයා
මේ සිදුකල අතිබිහිසුණු මිලේච්ච අපරාධයට තවත් අවුරුදු 20 කට දඬුවම දීර්ඝ කරන තීන්දුවක් ලැබිය යුතුයි ..
ආරංචි වුන විදියටනම් පහුගිය කාලේ ටි 56 අරගෙනලු මෙයා තංගල්ල නගරයේ ඇවිදලා තියෙන්නේ. රිමාන්ඩ් බන්දනාගාරේ හිටිය මුල දවස්වල සුපිරි හොටලේන්ලු කෑම හම්බුවුනේ. "කරන කලට පවු මීරිය මිනිසේ. විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ."
මිනීමැරුමට විතරක් දිවි ඇතිතෙක් හිරේට හෝ මරණීය දඬුවම් හිමිවන රටේ, නීතිවිරෝධී ගිනි අවියක් ළඟ තබා ගැනීම, අයුතු ජනරාශිය, මිනීමැරීම් ඇතුළු චෝදනාවලට අවුරුදු 20යි. තව ලිහිල් කරන්නත් කියනවා. අවුලක් නෑ තව පොහොය දෙකක් ඉවසන්න... සමහරවිට එළියටම එන්න පුළුවන් වේවි!
ඕවට අහුවෙයි අපේ අධිකරණය. එතකොට තමාව දුෂණය කරලා තම ඇස් ඉදිරිපිටම තම පෙම්වතාව මරපු එකේ වේදනාව?
විනිසුරු වරයාගේ අනුකම්පාව ලබා ගැනීමේ චේතනාවෙන් රෝද පුටුවෙන් ආවා වගෙයි.
රෝද පුටුවෙන් ආ මෙයා ඇවිදින්නේ කකුල් දෙකෙන්ද එහෙමත් නැත්නම් හදවතින්ද.?
ඔය ලුණු ගොරකා මදි විනිසුරුවන් තම්බන්න. හැබැයි උපදෙස් පරිදී නම් ඔය කරන්නේ එහෙනම් චාන්ස් එකක් තිබෙනවා. බලාගෙන ඕවා දැකලා විනිසුරුවරුන්ටත් හාට් ඇටැක් ඒවී.
පව්කාරයට බොරු කරන්නත් පුළුවන්. බොරු කාරයට පව් කරන්නත් පුළුවන්.
මේ දීපු දඬුවම මදි නිසා මරණ දඬුවම පනවන ලෙස ඉල්ලා නීතිපතිවරයා අභියාචනයක් කළා නේද? ඒකට මොකද වුනේ?
අද නිදහස් කරන්නකෝ බලන්න. මොන හෙනයක්වත් නැතුව, අගේට නැගිටලා යන හැටි බලන්න පුළුවන්!
දඬුවම නිකන්ම ලිහිල් වෙනවා තමාම බෙල්ලට වැළ දාගන්නවානම් .. නිදහස් වීම සඳහා අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා කියා දකින කොටත් හිතට දැනෙන්නේ මහා වේගයක් ...
ඔය සෙල්ලම ඇත්තටම වෙනවා නම් සතුටුයි
කමක්නෑ අප රටේ හිරගෙයත් පාතාලයත් දේශපාලනෙත් එකම පවුලේ සමාජිකයින්නේ.
රෝද පුටුවෙන් තියා මිනි පෙට්ටියෙන් අවත් නැණවත් විනිසුරු මඩුල්ල දුන් දඩුවම අඩු කරන්න එපා. අධිකරණය නොමග යවන්න උත්සහ කළා කියල දඩුවම වැඩි කරන්න.
මෙයාගෙන් වැඩ ගත්ත හිටපු නායකයට හරි දුක ඇති. අ හිටපු නායකයා තමයි වග කියන්න ඕන, මේ වගේ සමාජයක් බිහි කලාට.
හදවතේ අමාරුව නිසා තමයි අර වගේ අපරාධ කලේ. හැබැයි මෙයාව සමාජයට යැව්වොත් මේ ලෙඩේ අනික් අයට බෝ වෙනවා. ගරු අධිකරණයට ගෙන්න වත් එළියට ගන්න හොඳ නැහැ. මෙයාගේ අසනීප ගැන කියපු දොස්තර ගැන හොයල බලන්න වෙනවා.
පිළිලයක්
මොහු රෝගියෙකු බවට නිර්දේශ කල වෛද්‍යවරයාගේ රෝගී තත්වය ගැන පරීක්ෂාවක් කලේ නැද්ද?
එතකොට මේ හැමෝම කියන විදිහට අපට තේරුම් යන්නේ, මෙයාගේ දඬුවම ලිහිල් කලොත්, අර නඩු තියෙන කාටත් වැළඳෙන රෝගවලින්, නඩුව අහක දැම්මාට පස්සේ , සුවපත් වෙනවා වාගේ , මෙයා රෝද පුටුට්වෙනුත් නැගිටලා එකත් පරිත්‍යාග කරයි කියලයි . මං හරි ද මන්දා ?
සදහටම හිරගෙදර සිටිය යුතුයි.