චමිල් රූපසිංහ
ඩොලර් මත යැපෙන සමහර රාජ්‍ය නොවන සංවිධාන මෙරට තුළ ආගමික සංහිඳියාව බිඳ දමන්නට නොයෙක් ප්‍රකාශ සිදු කරනවා. සමහරවිට මේවා එම සංවිධානවල කොන්ත්‍රාත් විය හැකි බව බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා මහනුවරදී පැවැසීය
විහාර සංරක්ෂණය හා ශාසනික දියුණුව සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වරකාගොඩ ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහානාහිමියන් සහ තබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ත සුමංගල මල්වතු පාර්ශවයේ මහා නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යවෙත අදහස් දක්වමින් එසේ කීවේය.
රජ්‍ය නොවන සංවිධාන නොයෙකුත් බලවේග ඇතිකර තිබෙනවා. ඔවුන් ජාතික සංහිඳියාව නැති කරන්න කරන ප්‍රකාශවලට සමහර මාධ්‍ය අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදෙනවා.. ඒවා නිසා ජන සංහිඳියාවට ලොකු බාධාවක් ඇති වෙනවා. ඒ සම්බන්ධව මහා නාහිමිරුන් අනෙක් ආගමික නායකයින් සමග සාකච්ඡා කර ජාතික සමගිය හා ජාතික සංහිඳියාව ඇති කිරීම පිළිබඳව වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා.
COMMENTS
සිංහලයාගේ අනාගතය සහ නැතිවෙන, විනාශ කරන සිංහල බෞද්ධ අයිතිය රැක ගැනීමට පියවර ගන්න. කැලෑ විනාස කරමින් අද සිදු කරන වාර්ගික ජනපද පිහිටුවීම වලකන්න. මේ රටේ සියලුම පුරවැසියන්ට පාර්ලිමේන්තුව තුලින් පමණක් අනුමත වන නීති වලින් ජිවත් වීමේ අයිතිය ඇතිකරන්න. සිංහල වෙනුවෙන් සටන් කරන අපේ දරුවන් දේශපාලනයට නැඹුරු නොවූවද, මතු සිංහල ජාතියේ අනාගත සුරක්ෂිත කරන නීති ගෙන එන්න.
අනාගතේදී ජනාධිපති වීමට සිහින මවන බවක් පේනවා !!!
විජේදාස මහත්තයෝ..., ඔබතුමා දැන් හාමුදුරුවරුන්ටත් බණ කියනවා වාගේ.... ඔය එන්.ජී. ඕ. වරුන් එක්ක නේද ජනවාරි වල ඉඳලා ආවේ...?
මේවට කොහොම හිනාවෙන්නද කියල හිතාගන්න බැහැ...මේ වගේ පුද්ගලයින් මේ වගේ දඟලනකම්, නායකත්වය දැන් ඉන්නවා වගේ ඔහේ බලන් ඉඳීවි කියලා එදා ඒත්තු වෙලා තිබ්බ නම්.., අද ඔය ආණ්ඩුව නොඉන්නත් තිබුණා.
සිංහල බෞද්ධ සුළු පිරිසක් ආගමික සංහිඳියාව නැතිකරනවා කියල හිටපු ජනපතිනිය කියනවා දැක්කා... සුළු පිරිසක් ඇරෙන්නට බහුතර සිංහල බෞද්ධ ජනතාවම ඉතාමත් විමසිල්ලෙන් තමයි ඉන්නේ මේ වෙන්න යන දේ බලාගෙන. බහුතර සිංහල බෞද්ධ ජනතාව පාරට බහින කාලය වැඩි ඈතක නෙවෙයි. මේ තත්වය නතර නොකළොත්...
අද සියලුම දේසපාලන අමනයෝ සහ පොලිසිය ඇගිල්ල දිගුකරන්නේ සිංහල ජනතාව ජාතිවාදීන් කියලා. මොනවා වුනත් විජේදාස ඇමතිතුමා තමන්ගේ ස්ථාවරය පැහැදිලි කිරීම ගැන සතුටුවෙනවා. එදා ඉදන් වික්‍රමබාහුලා , වියන්ගොදලා , දඹල අමරලා, NGO රටට කල ද්‍රෝහිකම් ජනතාව අමතක නොකළ යුතුයි. ලුසේනා
කිසිම ආගමික ස්ථානයකට නින්දා කරන එක වැරදියි. හැබැයි අවුරුදු දහස් ගාණක් පැරණි නැගෙනහිර පළාතේ පන්සලක් ඩෝසර් කරද්දි නැත්තේ ඇයි කියලා තමයි ප්‍රශ්නේ....
ජනාධිපති, අගමැති සහ වැඩි ප්‍රතිශතයක් මැති අැමතීන් බෞද්ධයන් බොහෝ ගණනක් සිටින රටක දුරාචාර සියල්ලම කරනවා. ඉතිරි කොටසකට අඩු අන්‍යාගමික ජනතාව පමණක් කරන ඒවාද? බෞද්ධකම කාබාසිනියා කරලා තියෙන්නේ ඔය කෑගහන අයම තමයි. කරැණාකර ජීවිතය සත්‍යතාවට අැතුල් කරගන්නා මෙන් ඉල්ලා සිටිමි.
මෙයා එන්.ජී.ඕ. අයගේ කරමතින් නේද පාර්ලිමේන්තු ආවේ... නාවලත් ලොකු ගෙයක් තියෙන බව නම් ආරංචියි. දුක්මහන්සියෙන් හම්බකළා වෙන්න නම් බැහැ....
විජේදාස මහත්තයෝ, ඔබතුමා ගැන නම් මම පැහැදීමෙන් ඉන්නේ.... යහපාලනයත් එක්ක බැලුවහම ඔබ විශිෂ්ටයි.