බිඟුන් මේනක ගමගේ
රාජ්‍ය බැංකුවක පරිගණක ජාලගත කිරීමේ ව්‍යාපෘති ටෙන්ඩරය සුදුසුකම් නොමැති සමාගමක් වෙත ලබාදීමේ සූදානමක් ඇතැයි ද එහි පාලනාධිකාරිය අදාළ සමාගමට ටෙන්ඩරය බාර දෙනු ලැබුවහොත් තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ යැයි ද පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මෙම ටෙන්ඩරය පිරිනැමීම සඳහා නිර්දේශ නිකුත් කරන තාක්ෂණික කමිටුවට ඊට අවශ්‍ය තාක්ෂණික දැනුම නැතැයි ද එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා චෝදනා කළේය.
දූෂණයට වැට බැඳීමට පෙරට එන්නැයි ජනාධිපතිවරයා රටවැසියන්ට ආරාධනා කළ ද තම සංවිධානය දූෂණ වංචා හෙළි කිරීමේදී රජය පාර්ශවයෙන් ඊට කිසිදු සහායක් දක්වා නැතැයි ද කී හෙතෙම එසේ නම් මෙම හෙළිකිරීම ගැන සොයා බලා මැදිහත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දුෂණය නැති කිරීමටනම් ඉස්සෙල්ලම දේශපාලු බලපෑම් නතර කලයුතුවේ.
මෙහි වටිනාකම රු. 2,000,000,000/=. ඩොරල් අරබුදයක් තිබියදී මෙවැනි අති විශාල ඩොරල් ප්‍රමාණයක් ? මහබැංකු අධිපති දන්නෙම නැහැ .මුදල් ඇමති, අදාල ඇමති , අගමැති, ජනපති නිදිද? මෙම මෘදුකාංගය රට තුළ, බැකුව තුළම කල හැකි වුවත් ඩොරල් කොමිස් වලට ඇතී ගිජු බව නිසා පිටරට සමාගමක් යොදා ගනී.
මෙම රජයේ බැංකුවේ කාර්ය, මහජනයා ඉතිරි කිරීමට පුරුදු කිරීමයි. නමුත් කරන්නේ අති විශාල දුෂන.
සමාගම චීන එකක් නොවෙයි වෙන්න ඇති මම හිතන්නේ.
වත්මන් රාජ්‍ය බැංකු බාර ඇමතිගෙන් මේවා වලක්වන එක විශ්වාස කල නොහැකි.