(ඉන්දිකා රාමනායක)
ජයවර්ධනපුර සරසවියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් හා තවත සිසුන් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් තිදෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
විශ්ව විද්‍යාලයේ පැවති පිරිතක් අතර තුර ඊයේ (30) මධ්‍යම රාත්‍රි 12.30 පමණ මෙම ගැටුම හටගෙන ඇත.
සිද්ධියෙන් පසු පොලිසිය හා විශේෂ කාර්ය බලකාය කැදවා සිසුන් විසුරුවා හැර ඇති බවද පොලිසි සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද කළුබෝවිල රෝහලට අරන් ගියේ? ඒකෙ දොස්තරලා රෑ 12.30 ටත් වැඩ වර්ජනේ පටන් ගෙන තිබුනේ නැද්ද ? බලාගෙන යනකොට මේ ගොල්ලෝ ඇවිල්ල තියෙන්නේ පිරිත් අහන්න නෙවෙයි... ගහගන්න නේද?
සාමාන්‍යයෙන් මධ්‍යම රාත්‍රිය වනවිට පිරිතේ යක්ෂයන් පිලිබඳ සඳහන් වන "අටානාටිය සුත්‍රය" කියවෙන වෙලාවයි. සමහරවිට මේ ගැටුම අපේ සරසවි තුල සිටින යක්ෂ කණ්ඩායම් දෙකක් අතර සිදු වූ ගැටුමක් විය හැකියි.
ඔය අන්තරේ අයටනම් හොඳ පාඩමක් උගන්නන්න ඕනෑ... මේ දේශපාලන මානයෙන් පෙළෙන අයව මානසික රෝහල් වලට යවා පුනරුත්ථාපනය කල යුතුයි.
රටේ සල්ලිවලින් මේ අයටද උගන්වන්නේ? මෙයලද අනාගතේ උගතුන් කියන්නේ?
ඔය අන්තරේට බනින අයටයි මේ කියන්නේ හරියට අර කතාවක් තියෙනවා කකුළුවා නටන්නේ හැලියේ වතුර උණු වෙනකම් විතරයි කියලා. ඔය අන්තරේ නොහිටින්න අද වෙන කොට ලංකාවේ සියලුම නිදහස් අධ්‍යාපනයේ රොඩ්ඩවත් මේ පාලකයෝ ඉතුරු කරන්නේ නැහැ. ඔය දුප්පත් ශිෂ්‍යයෝ දිවිහිමියෙන් ඕකට සටන් කරන නිසා තමයි මෙහෙම හර අදටත් ළමයෙකුව ඉස්කෝලෙකට දාගන්න පුළුවන් වෙලා තියෙන්නේ... අද පිලිපීනයට වෙලා තියෙන දේ සොයලා බැලුවොත් වැටහේවි....
මේ ගැන නැවතත් සලකා බැලිය යුතුය.
සයිටම් එකේ ප්‍රමිතිය ගැන කතාකරන මේ අයගෙ විනය විශිෂ්ඨයි...
අන්තරේ කියන සංගමයේ කිසිඳු විනයක් නෑ. ඒ නිසා දැඩි දඬුවම් දිය යුතුයි.
රටට වදදෙන්නේ නැතිව ඔයාලා සරසවි තුල ඉගෙන ගන්න ළමයිනේ....