(ටී. කේ. ජී. කපිල )
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා චීනයේ සංචාරයක් සදහා අද (13) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස උදෑසන 7.35ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 302 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගියහ.
මෙම දූත පිරිසට 27 දෙනක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියම තෙරුවන් සරණින් පරිස්සමෙන් ගිහින් එන්න ..............
මෙවන් ශ්‍රේෂ්ඨ නායකයෙකු සිටින රටක් කොතරම් පින් වන්තද? 27 දෙනෙක් ඇද්ද ඔය රට සවාරියට....
අයියෝ විසි හතද?
මේ සැරේවත් වැඩ බලන ආරක්ෂක ඇමති කෙනෙක් ඉන්නවද?
රටට හෙන ගහල ගියදෙන් ලෝකේ වටේ සවාරි යනවකෝ. මතක ඇතුව චීනෙන් ත්‍රස්තවාදීන් මර්දනය කරන හැටි ඉගෙනගෙන එන්න. ඇයි ෆේස්බුක් වරණය කෙරුවේ? රටේ කලබල ගියපාරත් දැනගත්තේ ෆේස්බුක් එකෙන් නේද?
මොනවා? වෙන රටවල නායකයන් මේ වගේ අවස්ථාවලදී සියලු ගමන් නවතා රටේ ප්‍රශ්න බලනවා. ඔබාමා එක උදාහරණයක්. ඒ වගේම වෙනත් අයත් ඉන්නවා තමන්ගේ රටේ ප්‍රශ්න විසඳන. මේ නම් විහිළුවක්. නීරෝලා වීනා ගායනා කරන්නේ යුඑන්පී විතරයි කියලා මෙයා කිව්වට මේ නම් නීරෝගේ තාත්තගේ වැඩක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙයාව නම් ආපහු ජනාධිපති අපේක්ෂකයා කරන්නේ කට්ටියම මෙයාගේ පස්සේ ප්ලේන් එකක නැගලා යන්න තැනක් හොයාගන්න.
වැඩියෙන්ම රට ගිය ජනාධිපති..... ගිනස් වාර්තාව
රට සවාරි වල නම් අඩුවක් නැහැ. මහදැනමුත්තයි ගෝලයො රොත්තයි ඔක්කොම ගිහින්
මොකටද දන්නේ නැහැ ගිහින් තියෙන්නේ 27 දෙනෙක් එක්ක...
වගකීම් සම්බන්ධ වග නොවීම අසතුටට කරුණක්..........
ඔබ තුමන්ලා රට සවාරි යන්නේ රටේ මහජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරලද, මෙච්චර මේ ලොකු විපතක් වෙලා තියෙද්දිත් 27 දෙනෙක් රට ගිහිල්ලා තියෙන්නේ කාගේ මුදලින්ද මහජනයාගේ මුදලින්. තව තවත් මෙවැනි දේවල් තුළින් සිදුවන්නේ රටේ මහජනතාවගේ වීශ්වාසය නැත්තටම නැති වි යාමයි. රටේ මහජනතාවත් තේරුම් ගත යුතුයි ඉදිරියේදිවත් රටට ආදරය කරන නායකයින් පිරිසක් තෝරා ගැනිමට එතකොට ඔබගේද අපගේද ආරක්‍ෂාව ස්ථීර වශයෙන්ම තහවුරු වේවි.....
සිරිසේන වෙන රටකට යනවනම් රටට සෙතක්.
මේ පාර නිවාඩුව සතුටින් ගතකරන්න. හොදට විනෝද වෙන්න ලස්සන තැන බලන්න යන්න
පත්තරෙන් දැකල යන්න ඇත්තේ .ෆේස්බුක් නම් අද තහනම් කරලනේ.
මේ මනුස්සය රටින් ගියා කියන්නේ ඉතාමත්ම අවදියෙන් සිටින්න.... 13,14,15 යන දින වල මතකනේ දැනගෙන ඉදලත් අපට නොකියා බෝම්බ ගහන්න කලින් මාරුවුණා ...........
අභීත සෙන්පති...... 13 භීතිකාව
සරලයි , සරලයි පින්වතුනි.
අද ප්‍රශ්නයක් වෙන්න තියෙනවා කියා තියෙද්දිත් මේ කට්ටිය රටින් පැන්නනේ....
මතකනේ දැනගෙන ඉදලත් අපට නොකියා බෝම්බ ගහන්න කලින් මාරුවුණා .. මේ පාරත් එහෙමද දන් නෑ
සතුටින් ඉන්නකෝ හොදේ...
අනේ ඉතින් හිටිය කියල වැඩක් තියෙන එකක්යැයි ............
නැව ගිලුණත් බෑන් චූන්. මෙච්චර හරියක් වෙලත් මේ මනුස්සයා රට සවාරිය යන එකේ අඩුවක් නෑනේ...
ඔහොම ගිහින් මෙයත් බෝම්බ බයට වෙන රටක රැකවරණ ඉල්ලාවිද දන්නේ නැහැ.
ජනාධිපති චීනයට යයි...
අපේම සල්ලි වලින් කාලා බිලා ඇඳලා අපිව විනාශයට යොමු කරන ඔබට ජය (හෙණ)
අපේ සියා චීනේ ගිහිල්ලා...//. මට චීනෙන් කඩුව ගෙනල්ලා..//. මගේ කැත්තේ මලකඩ බැදිලා..//. අලවංගුව හොඳටම ගෙවිලා.... //.
ගිය කාරණාව දැනගත්තාම මට දෙකොනින්ම හිනා ගියා.
අපේ ළමුන්ට පාසල් එන්න කියලා, මිනිහ චීනෙට පැනලා. කාට කියන්නද?
හිටියත් වැඩක් නැහැනේ... රටින් පිටවෙන තරමට රටට සුබයි. චීනයෙන් ඉඩම් කෑල්ලක් ඉල්ලගෙන පුලුවන්නම් මෝඩ රැල පදිංචිය හදාගන්න. කෝටියක් වියදම් ගියත් ප්‍රශ්නයක් නැහැ. ඇස් දෙකට නොපෙනෙන්න පිටවෙලා ඉන්න. නුඩ්ලස් වගේ තමයි ජීවිතෙත් ...
මේක තමයි රටේ අපලේ...