එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) රාත්‍රියේ ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය. ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන සිව්වන අවස්ථාව මෙයයි.
එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම, තේමාව යටතේ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වේ.
එහි ප්‍රධාන සැසිවාරය සැප්තැම්බර් 25 වනදා ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේම ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිය දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව මෙහි දී එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා මීට පෙර සඳහන් කර තිබේ.
එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල ප්‍රධාන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව සැප්තැම්බර් 24 වනදා පැවැත්වෙන අතර එම සමුළුව ඇමතීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ආරාධනා ලැබී තිබේ. නෙල්සන් මැන්ඩෙලා ජන්ම ශත සංවත්සරය සමරමින් මෙම සාම සමුළුව සංවිධානය කරයි.
ලෝක මත්ද්‍රව්‍ය ගැටලුව පිලිබඳ ගෝලීය ක්‍රියාමාර්ගයක් සඳහා වූ විශේෂ හමුවටද ජනාධිපතිවරයා සැප්තැම්බර් 24 වනදා එක් වෙයි.
ක්ෂය රෝගය මැඩලීමේ ව්‍යාපාරය සඳහා වූ සැසියක් සියලු රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් 26 වනදා පැවැත්වෙයි.
එක්සත් ජාතීන්ට අනුබද්ධ ආයතනයක් වන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වන බෝ නොවන රෝග පිළිබඳ සමුළුව සැප්තැම්බර් 27 වනදා පෙරවරුවේ ආරම්භ කෙරෙන අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් පුළුල් මෙහෙවරක් ඉටුකළ රාජ්‍ය නායකයෙකු ලෙස එම සමුලුවේ විශේෂ දේශනයක් සඳහා ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ඇරයුම් ලැබී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සැරේ රට කජු ප්‍රශ්නයක් වේද මන්දා? මොකද ගිය සැරේ කජු ප්‍රශ්නයක් තිබුණු නිසා..
ඔය අතරවාරයේ පොඩි විවේකයක් එහෙම ලැබුනොත් ට්‍රම්ප් උන්නැහේට පොඩි කතාවක් දාලා ලංකාවේ සංචාරයකට ආරාධනා කරන ගමන්ම මොකද්ද මේ ඩොලරය කරන අසමජ්ජාති වැඩේ කියල අහල බැලුවොත් නරකද? ඒ වගේම දැන් අර එකාබද්ධයේ කට්ටිය විශාල ප්‍රචාරක් දීගෙන යන අපේ හිටපු එක්කෙනා මෝඩි මුණ ගැසුන දවසට පස්සෙන්දා ට්‍රම්ප්ට දුරකතනයෙන් කතා කරලා හමුවීමට වෙලාවක් ඉල්ලා ගත්තා කියන කතාවේ ඇත්ත නැත්ත අහල දැනගෙන අපටත් කිවොත් හොඳයි. ඒ අතරේ එක්සත් ජාතීන්ගේ සමුළුවේදි අපේ රණවිරුවන් වෙනුවෙන් හඬක් නැංවීමත් අගේ කලයුතුයි.
කන එක ප්‍රශ්නයක් වෙයිද එහෙ කෙහෙල් කොළ නැති නිසා.. කොළ පාට ලන්ච් ශීට් ටිකක්වත් අරන් යන්න.
කජු ගැන වචනයක්වත් මතක් කරන්න එපා...
ට්‍රම්ප් උන්නැහේගෙන් ඩොලර් ටිකක් අඩුවට ඉල්ලගන්න බලන්න.
අයෙත් ජාත්‍යන්තරය ජයගන්න, සුබපතමි. අපි කොහොම හරි ආර්ථිකය ජයගන්න බලන්නම්,
අයියෝ අපේ ජනාධිපතිගේ ඉංග්‍රීසි අහලා සුද්දෝ දුවයි.
ලොක්කා ඔබ මොනවද කියන්න යන්නේ..? මට විශාල කණගාටුවක් ඇතිවෙනවා. මෙම සභාව ඉතා ගාම්භීරව ඇමතූ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් වගේ අය ගැන...