IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගෝඨාගේ ප්‍රතිශෝධන පෙත්සම ජුනි 6 වැනි දා

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
 
ඇවන්ට්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ලබන ජුනි 06 වැනි දා සළකා බැලීම අභියාචනාධිකරණය අද (1) නියම කළේය.


එම පෙත්සම අද (1) දිනයේදීත්  කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.


මෙම පෙත්සම සළකා බැලීමෙන් තමන් ඉවත් වන බව විනිසුරු ජනක් ද සිල්වා මහතා මීට පෙර දිනයේ සඳහන් කළද එම විනිසුරු මඩුල්ල ඉදිරියේම නැවතත් නඩුව කැදවීම නිසා මෙදිනට පෙත්සම කල් තැබීය.


පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ පසුගිය රජය සමයේ ගාලු වරායේ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම  තමා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බවයි.
 



අදහස් (0)

ගෝඨාගේ ප්‍රතිශෝධන පෙත්සම ජුනි 6 වැනි දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 75 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 936 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site