IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඛනිජ තෙල් අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ බාරගනී

ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කරනු ලැබූ උපාලි මාරසිංහ මහතා අද(13) වැඩ බාරගත්තේය.

ඒ නිමිත්තෙන් විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවති උත්සවයට නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහුද එක්ව සිටියහ.

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීයකු වූ උපාලි මාරසිංහ මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධරයෙකි. රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් ලබා ගන්නා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකුද වේ. අධ්‍යපන අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළුව අමාත්‍යාංශ ගණනාවක ලේකම් ධුර සහ විවිධ උසස් තනතුරු දැරූ උපාලි මාරසිංහ මහතා රසායනික විද්‍යාව සහ ඵලදායිතාව පිළිබඳ පර්යේෂණාත්මක කෘති රැසක් රචනා කර තිබේ. 2011 වසරේදී ඵලදායිතාව පිළිබඳ ආසියානු සංවිධානයේ ඵලදායිතා විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීමටද ඒ මහතා සමත් විය.

අමාත්‍යාංශයේ ලේකම් ලෙස වැඩභාර ගැනීමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ දිවා රෑ නොබලා වෙහසී වී තම වගකීම් ඉටු කරන පරිපාලන විෂය ගැන පුළුල් දැනුමක් ඇති පුද්ගලයකු තම අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් වීම ගැන සතුටට පත් වන බවයි. 



අදහස් (4)

ඛනිජ තෙල් අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ බාරගනී

Upali Gunasekara Tuesday, 13 June 2017 08:01 AM

කීර්තිමත් පරිපාලන සේවා නිලධාරි උපාලි මාරසිංහ මැතිඳුන්ට ජයෙන් ජය! ඔබේ සේවය පොදු මිනිසාට යහපතක්, රටට ගෞරවයක්, ඔබට කීර්තියක් ගෙන එනු නිසැකයි!

:       0       66

uddika Tuesday, 13 June 2017 10:24 AM

දැන් මෙයාල වැඩ බාරගන්නත් උත්සව තියන්න ඕනද. අඩුගානේ අපේ සල්ලි පුච්චන එක නවත්වන්න.

:       11       0

channa Tuesday, 13 June 2017 01:32 PM

පරිස්සමෙන් වැඩකරන්න උපාලි මහත්තයා.

:       0       39

nisa Tuesday, 13 June 2017 11:23 PM

ඔබට සුබපැතුම්.

:       0       42

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site