(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධූරය මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට හැර වෙනත් අයෙකුට ලබාදුනහොත් ඒ මොහොතේ සිටම කොන්දේසි විරහිතව වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වෛද්‍ය ආඥා පනතට අනුව සෞඛ්‍ය ඇමතිවරයාට බලය ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා වසර 5කට පත්කිරීමට බව ද එවැනි පත්කිරීමකින් පසුව මාස 6කින් සභාපතිවරයා ඉවත් කිරීමේ බලයක් සෞඛ්‍ය ඇමතිවරයාට නොමැති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ලංකාදීපයට පැවසීය.

ඒ අනුව තව දුරටත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා මහාචාර්ය කාලෝ ෆොන්සේකා වන අතර වෛද්‍ය ආඥා පනත උල්ලංඝනය කරමින් එම ධූරයට වෙනත් අයෙකු පත්කිරීමට සෞඛ්‍ය ඇමතිවරයා ගන්නා උත්සාහයන් පරාජය කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.