IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කඳ නැති හිසේ සුලමුල හෙළිවෙයි - තිදෙනකු සැකපිට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

බස්නාහිර පළාත භීතියට පත් කරමින් පසුගිය කාලයේ   මිනීමැරුම්,සොරකම්,මංකොල්ලකෑම් හා කප්පම් ගැනීම් ආදී අපරාධ රැසකට චෝදනා එල්ල වූ මාකඳුරේ මධූෂ්ගේ   සමීපතම ගෝලයින් තිදෙනෙකු   මදුෂ්ගේ ඥාති නිවසක සැඟවී සිටියදී   සැක පිට අත් අඩංගුවට ගත් බව කඹුරුපිටිය පොලිසිය කියයි.

ඔවුන් කුලී පදනම මත ලබා ගන්නා ලද මෝටර් රථයකින් එහි ගොස් සිටි අතර ඔවුන් පැමිණ සිට ඇත්තේ අපරාධයක් සිදු කිරිමේ අරමුණින් බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

සිර දඬුවම් විඳිමින් සිටියදී ඉකුත් වසරේ දෙසැම්බර් මස 07 වැනි දින සියඹලාණ්ඩුව අධිකරණයේදී පොලිස් වෙඩි මැද පලා ආ හිටපු යුධ හමුදා සෙබලෙකු ද අත්අඩංගුවට පත් සැකකරුවන් අතර සිටින බව පොලීසිය කියයි. ඔහුට එරෙහිව අධිකරණයේ අපරාධ නඩු 24 ක් ඇති බවද පොලිස් වෙඩි පහරින් වම් උරහිසට තුවාල සිදු වී මාස තුනක පමණ කාලයක් ප්‍රතිකාර ලබා ගෙන ඇති බව ද පොලිසිය කියයි.

නූරි වතු අධිකාරි ඝාතනයේ සැකකරුවකු ඒ සඳහා ඔහුට අවශ්‍ය  රැකවරණය හා පහසුකම් සලසා දී තිබෙන බවද කියති. ඉකුත් 07 වැනි දින කොළඹ 12 ,කෙසෙල්වත්තේ දී හමු වු පුද්ගල හිස කොටස සම්බන්ධයෙන් ද වැදගත් තොරතුරු රැසක් එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිමේදී හෙලි වී ඇත.

මදුෂ්ගේ ප්‍රතිවාදී පාතාල කල්ලියක සාමාජිකයෙකු වු කොස්මල්ලි නැමැත්තා එසේ ගෙල කපා ඝාතනය කළ බව ද ඔහුගේ කඳ කොටස අගුණුකොලපැලැස්ස මුරවැසිහේන ප්‍රදේශයේ කෙසෙල් වගා බිමක වල දමා ඇති බවද අනාවරණය වී තිබේ.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් පැමිණ සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන අදාළ ඝාතනයේ කඳ කොටස සොයා ගැනීම සදහා අද (18) දින එම ප්‍රදේශය වෙත පිටත්ව ගොස් පරික්ෂණ ආරම්භ කර තිබුණි.

කොළඹ සිට සැකකරුවන් පැමිණෙන අවස්ථාවේදී මදුෂ්ගේ උපදෙස් මත නාදුනන තරුණයින් දෙදෙනෙකු විසින් ඔවුන්ට නව ජංගම දුරකතන තුනක් හා සිම්පත් තුනක් ද ලබා දී තිබෙන බව පොලිසිය කියයි.  එම ජංගම දුරකතන හා සීම්පත් ද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

තවද ඔවුන් පැමිණි මෝටර් රථයේ සවි කර ගැනීම සදහා රැගෙනවිත් තිබු ව්‍යාජ අංක තහඩු දෙකක් ද පොලීසිය සොයා ගෙන තිබේ. එම සැකකරුවන්ට කොන්ත්‍රාත්තුව බාර දීම සදහා වෑන් රථයකින් ඇඹිලිපිටියේ සිට පැමිණි බව කියන පාතාල කල්ලි සාමාජිකයා ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගැනීම සදහා ද පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබුණි. ඔවුන් විසින් ලබා දෙන උපදෙස් අනුව අත් අඩංගුවට ගත් සැකකරුවන් කිසියම් අපරාධයක් කිරීමට සැලසුම් කර තිබු බව කියති.   

දකුණේ පාතාලයේ ප්‍රධානියා ලෙස සැලකෙන මදුෂ්ගේ ගෝලයින් සන්තකයේ තිබී හෙරෝයින් මත්කුඩු ද සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.

පදලංගල කුට්ටිගල,සියඹලාණ්ඩුව,බුද්දම හා ගතාර පදිංචි සැකකරුවන් තිදෙනා අද (18) සවස මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සදහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දීමට නියමිතව තිබුණි.

මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ජී.එච්.මාරපන මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී බුද්ධික විජේසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ කඹුරුපිටිය පොලීසියේ ස්ථානාධිපති ඕ.යූ.ජයශාන්ත,උප පොලිස් පරීක්ෂකවරුන් වන අමිල, වෙත්තසිංහ, කොස්තාපල්වරුන් වන 86404 චාමර, 86402 ඉරන්දන, 56018 නලින් යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීය.



අදහස් (4)

කඳ නැති හිසේ සුලමුල හෙළිවෙයි - තිදෙනකු සැකපිට

de silva Sunday, 18 March 2018 05:14 PM

මළකඳ ? කිලෝමීටර් 200 විතර දුර අරන් ගිහින් වල දමන්න පිස්සුද ?

:       107       1

Chanak Los angeles Sunday, 18 March 2018 06:23 PM

ඕනෙම අපරාධකරුවෙකු පුනරුප්තාපනය කර සමාජ ගත කල හැකිනම් කම් නැත. නමුත් අපරාධ කරමින් හිරෙන් වරින් වර එලියට එමින් එම වැරදීම නැවතම කරනවානම් එයින් රටටත් ශිෂ්ට සමාජයටත් සිදුවෙන්නේ අවැඩක්මයි. අපිට නම් තේරෙන්නෙම නැහැ මේ මිනීමරුවන් කොහොමද හිරගෙවල් වලින් එලියට යැවෙන්නේ කියලා ? අකමැත්තෙන් හෝ මමනම් කියන්නේ අපරාධ අවම කරගන්නවත් මරණ දඬුවම ක්‍රියාත්මක කර මොවුන්ට දඬුවම් දෙන්න ඕනේ කියලයි

:       1       376

Shanaka Sunday, 18 March 2018 10:16 PM

වැදගත් අදහසක් පළකරන්නේ කොහෙද.? කඩේ ගිය එකනේ මෙච්චර කල් කරේ.

:       0       7

LashanMonday, 19 March 2018 08:12 AM

ලොස් ඇන්ජලීස්වල කියලා සෝබනේ ඕනෙ නැහැ. නම විතරක් ඇති.

:       1       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site