(කේ. ඩි .දේවපි‍්‍රය )
රුහුණු මහා කතරගම පුදබිම තුළ වසර 04 ක කාලයක් පුරා සිදු වන විවිධ අක‍්‍රමිකතා වැළැක්වීමට වගකිව යුත්තන් පියවර නොගන්නා බව පවසා කතරගම ඒකාබද්ධ වෙළඳ සංගම් 05 සහ ප‍්‍රදේශවාසිහු එක්ව අද (28) හර්තාල් ව්‍යාපාරයක නිරත වූහ.
නගරයේ කඩ වසා නගරය පුරා කලූ කොඩි ඔසවා මෙම විරෝධය දැක්වීම සඳහා වෙළදුන් කි‍්‍රයාකර තිබුණි.
කතරගම පුදබිමට සති අන්ත නිවාඩු දිනයන් හී දි විශාල ලෙස රථ වාහන පැමිණෙන අතර ඒවා පුජා භුමියේ තැනින් තැන නවතා තැබීම ද විශාල ගැටලුවක් බවත් , එලෙස පැමිණෙන රථ වාහන හිමිකරුවන් මත්පැන් භාවිතා කිරීම් වැනි කි‍්‍රයා කිරීමෙන් විශාල ගැටළුවක් පැන නැගී ඇතැයිද ඔවුහු පවසති.
එමෙන්ම පිටස්තර ජංගම වෙළඳුන් පැමිණිම හේතුවෙන් පුදබිම තුළ විශාල පරිහානියක් සිදු වන බවත් පවසන ඔවුහු මේ සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති. විහාරස්ථාන හිමිවරු හා ප‍්‍රදේශයේ දේශපලඥයින් දැනුවත් කළ ද තවමත් විසදුමක් නෙවු බවද සඳහන් කරති.
ඉදිරියේදී මෙම කි‍්‍රයා නවතා දැමීමට කි‍්‍රයා නෙකරන්නේ නම් දැඩි තිරණ ගැනීමට සිදු වන බවද අදහස් දක්වමින් එකමුතු වෙළෙඳ සංගමයේ ලේකම් එම්. කේ නන්දසේන මහතා සඳහන් කළේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකෝ දෙයියන්ට කිවේ නැතෙයි දැන් වත් අපේ රටේ මිනිසුන්ට දෙයියෙක් නැහැ කියලා තේරුනොත් ලොකු දෙයක්.
තේරුම් ගන්න කතරගම දෙවි කෙනෙක් නැහැ කියලා. ඉන්නවානම් ඔය කියන අක්‍රමිකතා වලට එයානේ දඬුවම් දෙන්නේ. මොලේ කලඳක් තිබෙනවානම් හිතන්න.
කවුද උසි ගන්නන්නේ? අරයද?
අහෝ දෙවියනි!
දෙයියන්ට කන්නලව් කරලා බැලුවේ නැද්ද?
අපේ දුක දෙයියන්ට කියන්න අපි දෙයියන්ගේ අඩවිය වෙන කතරගමට යනවා.. දෙයියන්ගේ අඩවියේ මිනිස්සු එයාලගේ දුක රටට කියන්න හර්තාල් කරනවා.. දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ..
කතරගම කියන්නේ බොහොම කාලෙක ඉඳලා අන්තයෙන්ම දූෂිත නගරයක් . මේ ගොල්ලන්ට ඇස් ඇරුනේ දැන්ද? දැන් නම් ඔතන ඇති කතරගම දෙවියෙක් නැහැ. දේවාලේ කියන්නේ බස්නායක නිලමේලාත් කපුවොත් මෝඩ ජනතාවට දෙයියන්ව විකුනාගන කන අසුද්ධ ජාවාරම් තිප්පොළක් ! මනම්පේරි ඛේදවාචකය සිද්ධ වුනෙත් ඔතනනේ ! වැඩිහිටිකන්දේ සිද්ධාර්ථ උන්නැහේ යන්තර මන්තර ජාවාරම් කෙරුවෙත් ඔහෙමනෙව!!