IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කුඩු ජාවාරමුන්ගේ කෝටි 75 ක් බැංකුවල

(*** නිමන්ති රණසිංහ)

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින “පරෙයි සුදා” මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 75කට අධික මුදලක් බැංකු ගිණුම්වල පවත්වාගෙන ගිය සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණිය මහතා ඉදිරියේ ඊයේ (17) කරුණු වාර්තා කළේය.

සැකකරුවන්ගේ බැංකු ගිණුම් වාර්තා අනුව මාස හතරක කාලයක දී මෙම මුදල සංසරණය වී ඇති බවට කරුණු අනාවරණය වන බවත්, අදාළ බැංකු ගිණුම්වල කොපමණ මුදල් ප්‍රමාණයක් සංසරණය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කරමින් සිටින බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙම සිද්ධියට අදාළව මේ වන විට ‘පරෙයි සුදා” නමැත්තාගේ මව, මස්සිනා, නෑනා ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව ද පොලිසිය අධිකරණයට කරුණු සඳහන් කර ඇත.

කාරියප්පෙරුමගේ දොන් සහන් සංකල්ප නොහොත් “පරෙයි සුදා” නමැත්තාගේ සහෝදරයා වන “අමිල නන්දන” යන අය විසින් මෙම මහා පරිමාණ හෙරොයින් ජාවාරම මෙහෙයවනු ලබන බවත්, එහි සියලුම මුදල් ගනුදෙනු ඩුබායි රාජ්‍යයේ සිටින පුද්ගලයකුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බවට කරුණු අනාවරණය වී ඇති බවත් පෑලියගොඩ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව සිදුකරන පරීක්ෂණයකට අනුව කෙරුණු විමර්ශනයක දී මෙම කරුණු අනාවරණය වී ඇති බවද පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

පෑලියගොඩ මල්වත්ත ප්‍රදේශයේදී හෙරොයින් කිලෝවක් සමග “පරෙයි සුදා” යන අය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී සහ දුරකතන වාර්තාවලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. පසුව එම සැකකරුවන් සියලු දෙනාගේම දුරකතන වාර්තා කැඳවීමෙන් අනතුරුව මෙම මහා පරිමාණ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය අධිකරණයට සඳහන් කර තිබේ.

මෙම සංවිධානාත්මක ජාවාරම් කල්ලිය මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරම සිදුකර විශාල වශයෙන් මුදල් උපයා ඇති බවත්, ඔවුන් උපයාගෙන ඇති මුදල් ප්‍රමාණය නිවැරදිව මෙතෙක් නිශ්චය කර නොමැති බවත් පොලීසිය අධිකරණයට සඳහන් කර ඇත. මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන අතර මෙම සංවිධානාත්මක අපරාධය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ට අමතරව තවත් සැකකරුවන් රාශියක් අත්අඩංගුවට ගැනීමට සිටින බව ද පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.



අදහස් (1)

කුඩු ජාවාරමුන්ගේ කෝටි 75 ක් බැංකුවල

Kamal Koyrala Tuesday, 18 August 2020 09:58 AM

සියලුම අයට උපයාගැනීම් සහ අයථා ලෙස දේපළ රැස් කළ සියලුම මැති ඇමැති, පොලිස්, රාජ්‍ය නිලධාරි, මුදල් විශුද්ධීකරණ පනත යටතේ දඬුවම් කර රාජසන්තක කළ යුතුයි. කුඩු සල්ලි පමණක් නොවේ. එකී දේපළ, මුදල් කන්දරාවෙන් රටේ ණය බර ස්වල්පයක් හෝ අඩුකළ හැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site