IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කඩිනමින් වී මිළදි ගන්නැයි වී අලෙවි මණ්ඩලයට උපදෙස්

 

(නිමල කොඩිතුවක්කු)

ඉදිරි යල කන්නය සඳහා ගොවින්ගෙන් කඩිනමින් වී මිළදි ගන්නා ලෙසට වී අලෙවි මණ්ඩලයට උපදස් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (26) කොළඹදී පැවසීය.

ඒ අනුව මෙවර යල කන්නය සඳහා වී මෙටි‍්‍රක් ටොන් එක් ලක්ෂ විසිදහසක ප‍්‍රමාණයක් මිළදී ගැනීමට තීරණය වී ඇති බවත් ඒ සඳහා අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන මේ වනවිට වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

නාඩු සඳහා රුපියල් 38ක් සහ සම්බා සඳහා රුපියල් 41ක ස්ථාවර මිළක් යටතේ මෙවර වී මිළදි ගන්නා බවත් රාජගිරිය පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ  මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේද කීවේය.

  ‘‘අපිට ලැබිලා තිබෙන වාර්ථා අනුව මෙවර අස්වැන්නේ වැඩිවිමක් වෙලා තියෙනවා. එවන් අවස්ථාවක ගොවින්  අධෛර්යමත්  නොවන ආකාරයට වී මිළදි ගැනීමේ වැඩපිළිවල ක‍්‍රියාත්මක කරන්න අපි  බලාපොරොත්තු වෙනවා.

ඒ අනුව  ගොවින්ට පහසු ලෙස වී ලබා දිය හැකි ක‍්‍රමවේදයක් අපි වී අලෙවි මණ්ඩලය මගින් ආරම්භ කරලා තියෙනවා. මෙයට පෙර  වී අලෙවි මණ්ඩලයට වී  අලෙවි කිරීමේදි  කෘෂිකර්ම  පර්යේෂණ නිලධාරීන්ගේ ලිපයක් අවශ්‍ය වුණා.

මෙවර එය අවශ්‍ය වෙන්නේ නැහැ. පොහොර ලබා දුන් ලේඛන අනුව එම කටයුතු ගැටලූවකින් තොරව සිදුකරන්න අපි බලාපොරොත්තු වෙනවා.

වී රැගෙන ඒම පහසු කිරීම සඳහා අපි විශේෂ  මල්ලක් හඳුන්වා දි තිබෙනවා.  වී අලෙවි මණ්ඩලය මගින් මිළදි ගන්නා වී සහල් බවට පරිවර්ථනය  කරලා එම සහල්  පී. එම්. බි  සහල් නමින් වෙළඳ පොළට  නිකුත් කරන්නත්  අපි බලාපොරොත්තු වෙනවා.

සතොස ආයතනය , සමූපකාර අයායතන, රාජ්‍ය සහ පෞද්ගලික අංශය මගින් එම කටයුතු සිදු කිරීමට අපි බළාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් නියෝජිතයන් බඳවා ගැනීමේ කටයුතු අපි මේ වනවිට ආරම්භ කරලා තියෙනවා.  මේ යටතේ ඉතා හොද තත්ත්වයේ සහල් සාධාරණ මිළකට ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

මේ වැඩපිළිවෙල සාර්ථක වුනහම අපිට විදේශ වලින් සහල් ගෙන්වන්න අවශ්‍ය වෙන එකක් නැහැ.  කෘෂිකර්මාන්තය අතින් අපේ රට දියුණු කරන්න විදිමත් වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරලා තියෙනවා යනුවෙන්ද අමාත්‍ය මහින්ද අමරවිර මහතා එහිදි පැවසීය.‘‘

 



අදහස් (3)

කඩිනමින් වී මිළදි ගන්නැයි වී අලෙවි මණ්ඩලයට උපදෙස්

සතයපාල Thursday, 26 July 2018 02:39 PM

උපදෙස් නම් හැමදාම කඩිනමින් ලැබෙනවා සල්ලි තමයි ප්‍රමාද වෙන්නේ.

:       0       23

Janahitha Thursday, 26 July 2018 02:42 PM

වී වැඩි වුනොත් මත්තල ගබඩා කරමු.

:       0       25

Bamunuarachchi Thursday, 26 July 2018 04:08 PM

ඒත් මත්තල ගබඩා කිරීමට තරම් වී සොයාගන්න බැරිවේවි.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site