(ඩී.කේ රත්න)
දියතලාව යුද හමුදා පුහුණු පාසලේ ඇකඩමියේ පුහුණුව ලබන කෙඩෙට් නිළධාරියෙකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට තැත්කළ බවට සැකපිට තරුණයන් දෙදෙනෙකු අද (18) අත්අඩංගුවට ගෙන ඇතයි දියතලාව පොලීසිය පවසයි.
දියතලාව විහාරකැලේ ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිහතක තරුණයෙකු සහ එම ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු විස්සක තරුණයකු දියතලාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
දියතලාව යුද හමුදා පුහුණු පාසලේ ඇකඩමියේ පුහුණුව ලබන කෙඩෙට් නිළධාරී පිරිසක් දියතලාව ප‍්‍රධාන මාර්ගයේ පුහුණුව පිණිස ගමන් කරමින් සිටියදී ත‍්‍රීරෝද රථයකින් පැමිණි මෙම තරුණයින් ගිනි අවියක් උදුරා ගැනීමට උත්සහ කළ බවට දියතලාව පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිදධියට සම්බන්ධ ත‍්‍රීරෝද රථයද දියතලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
81
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
879
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෙඩෙට් නිලධාරියගේ ගිනි අවිය උදුරාගත් දෙන්නෙක් අත්අඩංගුවට