IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


‘එම්.සී.සී ගිවිසුම මැයි මාසයේදී අත්සන් කිරීමට සැලසුමක් තියෙනවා‘

 (නිමල කොඩිතුවක්කු)
 

රට දෙකඩ කරනවා, රට   ඇමෙරිකානු කොළනියක් වෙනවා කියා බිල්ලන් මැවූ  එම්. සී. සී ගිවිසුම ලබන  මැයි මාසයෙන් පසු අත්සන් කිරීමට රජය සැළසුම්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹදී අද(29) පැවසීය.

 
කමිටු පත් කර ජනතා අදහස් ලබා ගනිමින් එම්. සී. සී ගිවිසුම අත්සන් කිරීම සඳහා  අවශ්‍ය සැලසුම් ආණ්ඩුව මේ දිනවල සකස් කර ගෙන යන බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය. තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටින මේ ආණ්ඩුවට තුනෙන් දෙකක් තියා ආණ්ඩු බලයත් නොලැබෙන බවද විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  අබේසිංහ මහතා පැවැසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා මෙසේද කීය.
 
 ‘‘කොරෝනා වෛරසයට මුහුන දෙන්න පක්ෂ භේදයකින් තොරව අපි කටයුතු කළ යුතුයි. විපක්ෂය විදියට අපි මේ තත්තවයට මුහුණ දෙන්න රජයට  උපරීම සහයෝගය ලබා දෙනවා. විපක්ෂනායකවරයා  ඉල්ලා සිටියා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න වහාම  පාර්ලිමේන්තුව කැ`දවන්න කියලා. එතකොට පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු පක්ෂවලටත් මෙම තත්ත්වයට  සෘජුව සහයෝගය ලබාදිය හැකියි.
 
 මේ තත්ත්වයට  මුහුන දෙන්න රජය ප‍්‍රමාණවත්  වැඩපිලිවලක් ක‍්‍රියාත්මක කර නොමැති  බවට අපට පෙනී යනවා.  හිටපු  ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍යවරයා විදියට මම ගුවන්තොටුපළේ තත්ත්වය සොයා බැලූවා. තවම රජය ඒ පිළිබඳ  ප‍්‍රමාණවත් වැඩපිලිවලක් සකස් කර නොමැති බවට එහිදී පෙනී ගියා. දැන්  මේ රජය බලයට පත්වෙලා මාස තුනකට ආසන්න කාලයක් ගතවෙලා තියෙනවා.  මේ රජය පත්කරන්න කැපවු අයගේ අපේක්ෂා භංගත්වයට මේ කාළය තුළ දිනෙන් දින වැඩිවෙමින්  තියෙනවා.

පිටරට ඉදලා වෙනසක් බලාපොරොත්තුවෙන් ලංකාවට ඇවිත් ඡුන්දෙ දුන්නා. නමුත් අපි බලාපොරොත්තු  වූ  වෙනස  සිදු වෙලා නැහැ. අපි නැවත මේ රට  භාර දුන්නේ පරන හොරු රැලටම කියලා මේ ආණ්ඩුවට ඡන්දය දීපු පුද්ලගලයෙක් සිය ෆේස් බුක් පිටුවේ සටහනක් දාලා තිබුණා. දැන් මේ ආණ්ඩුවට ඡුන්දය දීපු ලක්ෂ 69 ට  ජනතාවට මුහුන දෙන්න විදියක් නැතුව සිටිනවා.
 
2015 ජනවාරි 08 පත් වූ අපේ රජයෙන් පවුල් 54  ලක්ෂයටම අපි සෘජු ප‍්‍රතිලාභ දෙන වැඩසටහන් ක‍්‍රියාත්මක කලා.  මේ ජනාධිපති පත්වුණේ  අපේ රට වැඩ බිමක් බවට  පත් කරනවා කියලා. වැඩ බිම කෙසේ වෙතත්  අපි ආරම්භ කරපු ගම් පෙරලිය වැඩසටහනට  මුදල් දීම පවා දැන් නවත්වලා තියෙනවා.
උපේ රජයෙන්  ආරම්භ කළ මධ්‍යම අධිවේගී මාර්ග ඇතුලූ අධිවේගී මාර්ග, රට පුරා මාර්ග පද්ධති ආදී සියල්ලක්ම අද වෙනවිට නතර වෙලා තියෙනවා.
 
 
රාජ්‍ය සේවකයන් බහුතරයකගේ  ඡන්දයෙන් බලයට  පත්වු මේ ආණ්්ඩුව මුලින්ම කළේ රාජ්‍ය සේවකයන්  රැවටිමයි. ඊළඟට රණවිරුවන් පොලිසිය රැවැට්ටුවා. මහා සංඝ රත්නය රැවැට්ටුවා. විශ‍්‍රාමිකයන් රැවැට්ටුවා. ඒ වගේම සහන දෙනවා ජීවන වියදම අඩු කරනවා කියලා ජනතාව රැවැට්ටුවා.
පසුගිය  වසර  හතරහමාර තුළ අපි අත්‍යවශ්‍ය භාන්ඩ වල මිල ඉහළ යාම  පාලනය කළා.  ඒ වගේම අපි ගෑස් මිල,  ඉන්ධන මිල අඩු කරලා ජනතාවට සහන දුන්නා.
 
 මේ ආණ්ඩුවෙන් ඉන්න පිරිස් එම්. සී. සී ගිවිසුමෙන් රට දෙකඩ වෙනවා,  ඇමරිකානු කොලනියක් වෙනවා කියලා බිල්ලො මැව්වා. දැන් කියනවා සීයට 70ක් හොදයිලූ.  මේ ගිවිසුම ලබන  මැයි මාසයෙන් පසු අත්සන් කරන බවට මම වගකීමෙන් කියනවා.
 
ඇමරිකානු නියෝජිතයයන් ආපු වෙලාවේදී ජනාධිපතිතුමා මැයි මාසේ  වෙනකම් කල් ඉල්ලුවා. ඔහු කොයිම වෙලාවකවත්  මේක අත්සන් කරන්නේ නැහැ කියලා නැහැ. දැන් මේ ගැන කමිටු පත් කරලා අධ්‍යයනය කරගෙන යනවා. අනිත් පැත්තෙන් ජනතා අදහස් ලබා ගනිමින් සිටිනවා. පාස්කු ප‍්‍රහාරය හින්දා  තමයි මේ රජය  බලයට පත්වුණේ. ඒ වගේම  අන්තවාදීන්ට සහයෝගය දුන් සියලූ දෙනාට දඩුවම් දෙනවා කව්වා. පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන් සමග කටයුතු කලේත් මේ වර්තමාන  රජයේ මැති ඇමතිවරුන්. 
 
මද්‍රසා පාසල් වත්මන්  රජය නීති ගත කරන්න යනවා.  ඒ වගේම මඩකලපුව විහ්ව විද්‍යාලය, විල්පත්තු කැලේ ගැන ප‍්‍රශ්ණ අපේ රජයට ඇති කළා.  දැන් ඒ ප‍්‍රශ්ණ නෑ වගේ මේ රජය කටයුතු කරනවා. ඡන්දෙට කලින් මේ අය කිව්වේ මේක නෙමෙයි.කිසිම රාජ්‍ය දේපලක් විකුණන්නේ නැහැ. විකුණපු දේපළත් පවරගන්නවා කියලා බලයට එන්න කලින් මහින්ද රාජපක්ෂ මහතා කිව්වා. මේ රජය ආපු ගමන් ෂැංග‍්‍රිලා ඉඩම අසළ ඉඩම සිංගප්පුරු සමාගමකට විකුණුවා.  ලේක් හවුස් ආයතනය ඉදිරිපිට  තවත් අක්කර හයක ඉඩමක් දෙන්න යනවා. මේ පිලිබද රටේ ජනතාව දැනුවත් විය යුතුයි. ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු එකින් එක වෙනස් කරමින් යනවා.
 
මහ බැංකු  වංචාව ගැන අපිට චෝදනා කළා. මහබංකු  වංචාවට සම්බන්ධ සියලූ දෙනාට  පක්ෂ භේදයකින් තොරව තරා තිරම නොබලා දඩුවම් කරන්න කියලා  අපි මේ රජයට කියනවා. විපක්ෂය විදියට අපි ඒකට සහයෝගය දෙනවා. දැන් මේ ආණ්ඩුව තුනෙන් දෙකක් ඉල්ලනවා.  තුනෙන් දෙකක් තියා මේ ආණ්ඩුවට  මන්ත‍්‍රී ධුර 113 ක් ලබාගෙන ආණ්ඩු බලයවත් ලබාගන්න බැහැ.  මේ ආණ්ඩුව දවසින් දවස පුස්සක් වෙනවා. අද මේ ආණ්ඩුව වැඩියෙයන්ම විචේචනය කරන්නේ අර ලක්ෂ 69 ජනතාවයි.

ජනතා මුදල් කාබාසිනිය කරලා, හොරකම් කරපු පිරිස් දැන් මාධ්‍ය ඉදිරියේ සුදනො වගේ ඉදගෙන අපිට චෝදනා කරනවා හොරු හොරු කියළා. දුෂිතයන්ට, නඩු තියෙන අයට, ඇප පිට ඉන්න අයට  නාම යෝජනා ලබා නොදෙන්න  පක්ෂවලට බල කරන්න කියලා මාධ්‍යවේදීන්ගෙන්  සහ සිවිල් සංවිධාන වලින් අපි ඉල්ලා සිටිනවා. මේ රජය දැන්  දිනෙන් දින ජනතා අප‍්‍රසාදයට පත්වෙමින් තිබෙනවා. බොරු පොරොන්දු දි බලයට පත්වූ මේ ආණ්ඩුව  එලැබෙන මහමැතිවරණයේදී  පරාජය කරන්න පෙරට එන්න කියලා මේ රටේ සියලූම ජනතාවට අපි ආරාධනා කරනවා’’යැයිද ඔහු එහිදී පැවැසීය.



අදහස් (13)

‘එම්.සී.සී ගිවිසුම මැයි මාසයේදී අත්සන් කිරීමට සැලසුමක් තියෙනවා‘

KANDEPOLA Wednesday, 29 January 2020 09:12 AM

අනේ මහත්තයෝ...! අවුරුදු හතර හමාරක් මේ රට කාලා විනාශ කරලා, සිංහල බෞද්ධයා පාගලා දාලා, ඔහෙලා මේ රටට කරපු ටික හොඳටම ඇති. රාජපක්ෂලා ගැන රටේ ජනතාවට ප්‍රශ්න තිබුණු හින්දා තමයි 2015 ඔහෙලට බලය දුන්නේ... මේ අහිංසක මිනිස්සු කොච්චර බලාපොරොත්තු තියාගෙනද තමුන්ලව පත්කර ගත්තේ... එ්ත් මොනවද කලේ? හොරකම්, මැරකම්, ජඩකම් ඇරෙන්න වෙන කරපු දෙයක් නෑ. දැන්වත් මේ මිනිස්සුන්ට පාඩුවේ වැඩක් කර ගන්න දීලා පැත්තකට වෙලා හිටියොත් හොඳයි. ඔහෙලා මේ රටේ විපක්ෂයටවත් සුදුසු නැති පක්ෂයක්. ඒ බව ඊළඟ මැතිවරණයේදී පෙනෙයි...

:       322       321

Weera SankiliWednesday, 29 January 2020 09:49 AM

එක ‌දෙයයි අහන්නෙ. ඒම් සීසී ගිවිසුම අත්සන් කරනවද නැද්ද?

:       28       76

Muhna Wednesday, 29 January 2020 11:59 AM

අත්සන් කරනවා මහත්තයෝ මහ ඡන්දයෙන් පස්සේ...

:       31       30

සුනිල් Wednesday, 29 January 2020 10:03 AM

කරපු වැඩ බලන්න වහල් නොවී ඉන්න. පාට කන්ණාඩි ගලවන්න කන්දෙපොල මහත්තයෝ. තොරතුරු පනත, කොමිසන් සබහ විශේෂ පනත්. ඒ විතරද , රුපියල් 10000 කින් වැටුප් වැඩිවීම්, පෝෂණ මලු , සුව සැරිය, අඩු මිලට බෙහෙත් , ඇස් කාච , විශ්වවිද්‍යාල ළමුන්ට ලැප්ටොප් පොලී රහිත ණය , වැඩි නොවන ලෙස පාලනය කල බඩු මිල, පෙට්රෝල් ගෑස් අඩුවට, ගම්පෙරලිය, නගර අතර සුඛෝපභෝගී දුම්රිය සේවා , අධිවේගී මාර්ග , ගුවන්තොට ආදී ... ආපසු හැරිලා බල්ලන්න. හොරකම්, මැරකම්, ජඩකම් ඇරෙන්න වෙන කරපු දෙයක් නෑ කියල කියන්නේ ඔබ වගේ ළිදේ ඉන්න මැඩියෝ.

:       36       117

sanjuWednesday, 29 January 2020 10:18 AM

කන්දෙපොළ මහතා මටනම් පක්ෂ, පාට වැඩක් නැහැ. ඔබතුමාගේ අදහස මොකක්ද? එම්.සී.සී. ගිවිසුම ගැන... අපේ රටට හොඳද? නරකද? මට මතක හැටියට එජාපය කිව්වා හොඳයි කියලා, පොහොට්ටුව කිව්වා නරකයි කියලා...

:       0       38

PereraWednesday, 29 January 2020 02:19 PM

කන්දෙපොල මහත්තයෝ, කන්න ගියාම කබරගොයත් තලගොයා වෙනවලු. එදා රටට අහිතකර දේවල්... M.C.C. වියත්මග,... විපත්මග උපත....

:       0       2

KANDEPOLAThursday, 30 January 2020 03:35 AM

මම අදහස් පල කලේ මේ පත් වෙච්ච ආණ්ඩුව හොඳයි කියන තැන ඉඳලා නෙවෙයි. මම මේ රටේ ස්වාධීන චන්ද දායකයෙක්. වහලෙක් නෙවෙයි. එම් සී සී ගිවිසුම හොඳින් හරි නරකින් හරි අත්සන් කරනවා කියපු පහු ගිය ආණ්ඩුවේ මිනිස්සු, දැන් මේ ආණ්ඩුව ඒක අත්සන් කරන්න යනවා කියලා ජනතාව කුලප්පු කරන්නේ ඇයි ? පහත් දේශපාලන අරමුණු ඉෂ්ට කර ගන්න නේද? එකයි ජඩකම... මේ රජය කරන හොඳනරක වල ප්‍රතිඵල ඒ අයට නිසිකලට ලැබෙයි. සුනිල්, මට පාට කණ්ණාඩි ගැන කියන ඔහේගේ පාට ගැන පේනවා දක්වලා තියෙන අදහස් වලින්...

:       7       0

athuraThursday, 30 January 2020 04:14 AM

කන්දෙපොල ඔහේ දැන් බබා වෙන්න හැදුවට මේක හැමදාම බලන පාඨකයින් දන්නවා ඔබ අාවඩන්නේ කාටද කියලා...?

:       0       13

nimal Wednesday, 29 January 2020 09:13 AM

අපේ හාමුදුරුවනේ...

:       0       12

පොන්සේකා Wednesday, 29 January 2020 09:56 AM

ඔයා පව්...

:       2       5

Asanga Wednesday, 29 January 2020 11:11 AM

ඔයාට පව් නැද්ද මෙහෙම කියන්න.. අනේ මහත්තයෝ, ඔය ගොල්ලන්ගේ කාලේ ඕක ගෙනාවේ. දැන් මොකද බයවෙලා..?

:       1       9

sharm warn Wednesday, 29 January 2020 11:19 AM

අහන්නේ එම් සී සී ගැන. කියන්නේ පෝෂණ මලු ගැන. ඉතින් දේශපාලුවෝ පිස්සු කෙළීන එක අහන්න දෙයක්ද ? මොකක් හරි තොරණක් පෙන්නුවම එන ඕන කෝච්චියක නැගලා කොහේ හරි යන්න කට්ටිය දක්ෂයි කියල 225 ම දන්නවා. එම්.සී.සී නෙමෙයි වෙන ඕන දෙයක් උනත් අත්සන් කරයි මේ වගේ මොකක් හරි ගොන් කතාවක් දාල කට්ට්ටියව අවුලවලා. අවදියෙන් ඉන්න. බැදී වල ගිහින් මංමුලා වෙන්නේ නැතුව.

:       11       6

Bamunuarachchi Wednesday, 29 January 2020 01:59 PM

මේ රජයට මුකුත් කර ගන්න බැහැ ඔහෙලා තමයි කෙරුවේ... හලෝ ඔහෙලා ගිය අවුරුදු 4 1/2 කරපු දෙවල් ජනතාව දන්නා නිසා තමයි නොවැම්බර් මස හොඳ පයින් පාරක් ලැබුනේ...

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රජයේ රෝහල්වල බෙහෙත් හිඟයක්
2025 පෙබරවාරි මස 06 276 0

කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා ජාතික, දිස්ත්‍රික්, මූලික සහ ප්‍රාදේශීය යන රජයේ රෝහල්වල දැඩි ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින බව වෛදවරු සහ රෝහල් කාර්ය මණ්ඩල පවසය


‘පාස්පෝට්’ හදිසියේ ඉල්ලා දැරවන් පීඩනයට දාන්න එපා
2025 පෙබරවාරි මස 06 441 0

හදිසියේ විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා පාසල් ක්‍රීඩා සංගම් ඇතුළු පාසල් බලධාරීන් පාසල් දරුවන් යොමු කිරීමෙන් එම දරුවන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නි



නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනපති හමු වෙති
2025 පෙබරවාරි මස 06 263 0

නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනාධිපති කාර්යාලයේ දී අද (6) පස්වරුවේ සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


මූල්‍ය අරමුදල ජනපති හමුවෙයි
2025 පෙබරවාරි මස 06 247 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුද


ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්
2025 පෙබරවාරි මස 06 1059 1

කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැඟිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 96 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 803 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 753 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site