(සමන් විජය බංඩාර)
මාවනැල්ල හෙම්මාතගම ගිනිහප්පිටිය කොට්ඨාශයේ එජාප අපේක්ෂකයකු ජයග‍්‍රහණය කර ඇති බව පවසමින් ඔහුගේ ආධාරකරුවන් අදාළ අපේක්ෂකයාගේ නිවස පිහිටා ඇති හෙම්මාතගම නගරයේ ගම්පොල මංසන්ධියේ රතිඤ්ඤා පත්තු කරමින් ප‍්‍රධාන මාර්ගය හරස් කරමින් කෑකෝ ගසමින් සහ හූ කියමින් නගරයේ ගමන් කරන රථ වාහාන මෙන්ම ජනතාවටද බධාවක් වන අයුරින් හැසිරුණු අකාරය මිට සුළු මොහොතකට පෙර දැක ගත හැකි විය.
හෙම්මාතගම පොලිස් බල ප‍්‍රදේශයේ හෙම්මාතගම නගරයේ පිහිටි පොලිස් ස්ථානයට මිටර් 100 ක පමණ දුරින් නගරයේ ඔවුන් මෙලෙස හැසිරුණේ ජන්ද ගණන් කිරිමේ වැඩකටයුතු එම නිවස පිටුපසින් ඇති කෑ / මාව නගරගිරි මහා විදුහලේ පැවැත්වෙන අතරවාරයේදිය.
මෙම ස්ථානයට පොලිස් ජංගම රථයක් පැමිණ ආධාරකරුවන්ට අවවාද කර ගිය නමුත් එම පොලිස් ජංගම රථය එම ස්ථානයෙන් පිටත් වූ පසු ඔවුහු නැවත මාර්ගය හරස් කර කෑකෝ ගැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම අයට තමා ජනතාව පෝලිමේ ගිහින් ඡන්දෙ දුන්නේ!
මුස්ලිම් මිනිස්සු වැඩිපුර ඉන්න පළාත්වල දිනන්නේ යුඇන්පී තමයි. ඒ වගේම උඩරට මිනිස්සුත් දෙන්නේ එයාලට තමයි.
අපේ රටේ මිනිස්සුන්ට මොලේ පෑදුණුදාට අපේ රට ගොඩක් ලස්සන වේවි !!!
පෙරහුරුවක් !!! මේ අයට රට ගියොත් යකා නටන හැටි පෙන්වන්න පෙර වදනක්...
දැන් යකා නැටුවට හෙට උදේ වෙද්දී යකා අකුලාගෙන තමයි යන්න වෙන්නේ.. මොකද මේ වෙනකොටත් පොහොට්ටුව පිපිලා ඉවරයි හැමතැනම වගේ....
සමන් විජය බණ්ඩාර වෙන මොනවත් දැක්කේ නැත්ද?
එජාප, නිදහස් පක්ෂ එකතුව ලබා ඇති ජය සාමකාමීව භුක්ති විඳින්න.
එජාප කාරයෝ දන්නවා පොලිස්කාරයෝ භාවනා කරන වෙලාව.