IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


උමාඔය ගැන වාර්තාවක් ඉල්ලයි

 
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහවැලි සංවර්ධන අධිකාරිය ඇතුළු බලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියෝග කළේය.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිසා සිය නිවාස සහ වගාබිම් වලට හානි සිදුවීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් ගොනු කළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග කළේය.

අගවිනිසුරු ප‍්‍රියාසත් ඩෙප් ,අනිල් ගුණරත්න ,නලින් පෙරේරා යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි පෙත්සම කැඳවූ අතර එහිදී මෙම දැනුම් දීම සිදු කරන ලදී.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතියෙන් ඒ ආශ‍්‍රිතව හානියට පත් ගම් කිහිපයක් සම්බන්ධ කරුණු වලට පමණක් මෙම පෙත්සම සීමා වී ඇති බවයි.

නමුත් මෙම ව්‍යාපෘතියේ කටයුතු වෙනත් ප‍්‍රදේශ කරාද ව්‍යාප්ත වී ඇති බව හෙතෙම කීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන්  දැනට පවතින තත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහවැලි සංවර්ධන අධිකාරිය ඇතුළු බලධාරීන්ට නියෝග නිකුත් කළ අතරම පෙත්සම ලබන මස 11 වැනිදා නැවත කැඳවීමට තීරණය කළේය.

බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම්.ඞී.පී.මනතුංග මහතා ඇතුළු උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින් හතරදෙනෙකු සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශ ලේකම් එන්.රූපසිංහ , වාරිමාර්ග සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම් , මධ්‍යම පරිසර අධිකාරිය සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

 

මෙම ව්‍යාපාතිය නිසා පවුල් 1200ක් පමණ පීඩාවට පත්ව සිටින අතර 13000ක් පමණ ජනතාවක් පානිය ජල අර්බුදයකටත්, වගා කටයුතු වලට අවශ්‍ය ජලය නොමැතිවීම නිසා ජීවිකාව කරගෙන යාමේ අර්බුදයකටද ලක්ව සිටින බව පෙත්සම්කරුවෝ කියා සිටිති.

නිසි පරිසර ඇගයීම් වාර්තාවකින් තොරව සිදු කරන මෙම ව්‍යාපෘතිය නිසා ගම්මාන 10ක පමණ පිරිසකට නිවාස අහිමි වී ඇති අතර ඇතැම් නිවාස වලට අර්ධ වශයෙන් හානි සිදු වී ඇති බවද පෙක්සමේ සඳහන් වේ.

එබැවින් එම ජල ව්‍යාපෘතියට බලපත‍්‍ර ලබා දීම නීතිවිරෝධී බවට ප‍්‍රකාශ කරන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
 



අදහස් (0)

උමාඔය ගැන වාර්තාවක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 458 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 461 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site