
උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම හේතුවෙන් එරට පැන වූ සම්බාධක පනවා තිබූ සම්බාධක තවදුරටත් වැඩි කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සිකුරාදා (3) තීරණය කළේය.
එක්සත් ජනපදයේ හා චීනයේ යෝජනාවකට අනුව උතුරු කොරියාවට පනවා තිබූ සම්බාධක තවදුරටත් වැඩි කිරීම පැවැති ඡන්ද විමසීමක් අවසානයේදී මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව උතුරු කොරියාවේ එකම මිත්‍රයා වන චීනය සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදය මෙවැනි යෝජනාවකට එකඟත්වය පළ කළ පළමු අවස්ථාව මෙය විය.
උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් කිරීම ලෝකයට තර්ජනයක් බව සඳහන් කරමින් ඊට කඩිනමින් මැදිහත් වන්නැයි ඇමෙරිකාව දිගින් දිගටම චීනයට අවධාරණය කළේය. මේ වනවිට උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීමේ චීනයේ පමණක් නොව රුසියාවේ ද අමනාපයට හේතු වී තිබේ. උතුරු කොරියාව දිගින් දිගටම මෙම ක්‍රියාකාරකම්වල යෙදුණහොත් එය නැවැත්වීමට හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇමෙරිකාව අනතුරු අඟවා තිබේ.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් අඩාල කිරීමට ඇමෙරිකාව අවස්ථා කිහිපයකදීම උත්සාහ කළ අතර ඇමෙරිකාවේ එම ක්‍රියාමාර්ග හිතුවක්කාරි යැයි ද එයින් තම ආරක්ෂාවට බලපෑමක් වන්නේ යැයි ද පවසමින් උතුරු කොරියාව දිගින් දිගටම අත්හදා බැලීම් කළේය. උතුරු කොරියාව මේ වනවිට ඇමෙරිකාවට එකවර පහර දිය හැකි න්‍යෂ්ටික ශීර්ෂයක් සහිත මිසයිලයක් අත්හදා බැලීමේ සූදානමක සිටින බව පැවසේ. එමෙන්ම මහා පරිමාණයෙන් මිසයිල නිෂ්පාදනය කිරීමට සූදානම් බව ද උතුරු කොරියාව ඉකුත් දිනෙක නිවේදනය කළේය.
නව සම්බාධක අනුව උතුරු කොරියානුවන් 14 දෙනකුට සංචාරක තහනමක් පැනවෙන අතර උතුරු කොරියාවේ කොර්යෝ බැංකුවට සහ කොරියානු මහජන හමුදාවේ උපායමාර්ගික රොකට් බලකාය ඇතුළු ආයතන හතරක් ද අසාදු ලේඛනගත කෙරේ. අසාදුලේඛන ගත කෙරෙන පුද්ගලයන් 14 දෙනා අතර උතුරු කොරියාවේ විදෙස් ඔත්තු සේවා මෙහෙයුම් අංශයේ ප්‍රධානියා ද සිටින බව පැවසේ.

(ඡායාරූප - රොයිටර් අනුග්‍රහයෙනි)
- 055
2025 දෙසැම්බර් මස 04
297
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උතුරු කොරියාවට පැනවූ සම්බාධක තවත් වැඩිකරයි
සෙනෙවි Monday, 05 June 2017 04:07 PM
‘පැරිස් සම්මුතියෙන්’ ඉවත් වීමට තීරණය කිරීම නිසා ඇමෙරිකාවටද එරෙහිව සම්බාධක පැනවිය යුතුයි!