( හින්දුස්ථාන් ටයිම්ස්)
ඉන්දියාවේ නිෂ්පාදිත විශාලතම යුද නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ මස 22 වැනි දා මිලදී ගැනීමට නියමිත බව ඉන්දියාවේ ‘‘ හින්දුස්ථාන් ටයිම්ස් “ පුවත්පත වාර්තා කර සිටී.
ලබන 22 වන දා ඉන්දියාවේ ගෝවා හි පැවැත්වෙන උත්සවයකින් අනතුරුව මෙම යුද නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට භාර දීමට නියමිත බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ඉන්දීය රුපියල් කෝටි දහසක වියදමකින් මෙම යුද නෞකාව නිපදවා ඇති අතර එහි දිග මීටර් 150ක් වේ. ටොන් 2400 කට වැඩි බරක් ගෙන යා හැකි මෙම නෞකාව ගෝව ප්‍රාන්ත රජයට අයත් ෂිප්යාඩ් ලිමිටඩ් සමාගම විසින් නිෂ්පාදනය කර ඇත.
දැනටමත් එම යුද නෞකාවේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති බව වාර්තා වන අතර ගෝව නගරයේදී එය නිලවශයෙන් බාරදීමෙන් පසු ලබන අගෝස්තු 2 වැනිදා ශ්‍රී ලංකා මුහුදු තීරයට ළඟා වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ හදල ලංකාවට විකුනනවා කියන්නේ, මොකක් හරි අඩුවක් ඇති. පස්සේ දවසක අහන්න වෙයි, ඉන්දියාවේ ලොකුම අඩු පාඩු තියෙන යුද නැව නාවික හමුදාවට කියල. කමක් නැහැ හැමදාම අහන කතන්දර අහන්න ලැස්තිවෙලා ඉන්නම්.
ඉන්දියාවේ ඔක්කොම කුණුගොඩවල් දැන් අපිට තමයි විකුණන්නේ...
අපිට මෙතරම් මුදලකට යුද නැව් අවශ්‍ය වන්නේ මන්ද ? යුද්ධය නොමැති වෙලාවක රටට කල යුතු දේ දහසකුත් ඇත. මට නම් හිතෙන්නේ මෙය ඉන්දියන් රජය මගින් බලෙන් අපේ පිට පටවා එති බවකි ! මන්ද යත් දියුණු නෞකා නිපදවා ලෝකය අනෙකුත් රටවලට විකිණීමට තරම දියුණු තාක්ෂණයක් ඔවුන් සතු නොවේ !
ත්‍රී රෝද රථ වගේ ඇති
මේකත් ඉන්දියන් කාරයන්ගේ කූට උපක්‍රමයක්. යුරෝපා සංගමයේ රටවල් 4-5 එකතුවී නිපදවූ "එයා බස්" ගුවන් යානය හදා, මගීන් පටවා සරුංගලයක් වගේ උඩ යැවුවේ නැහැ. වසර ගණනාවක් තිස්සේ එය විවිධ පරීක්ෂණවලට භාජනය කරමින් කිලෝ මීටර් සිය දහස් ගණනක් දුර පියාසර කරාට පසුවයි එය මගී ප්‍රවාහනය සඳහා අනුමතය ලැබුවේ. මෙතරම් විශාල යුද නැව් හැදීමට ඉන්දියාවට තාක්ෂණික දැනුමක් තිබේද ? මෙවැනි නැව් ඉන්දීය නාවික හමුදාවටත් තිබේද ? මේ මගුලට ශ්‍රී ලංකා බදු ගෙවන්නන් රුපියල් කෝටි කීයක් ගෙවන්න යනවාද ? යුද්දයක් නැති ශ්‍රී ලංකාව, ඉන්දියාවේ නිෂ්පාදිත විශාලතම යුද නෞකාව " මිලට ගන්න " හදන්නේ මොන කෙංගෙඩියකටද ? මගේ ආච්චි කියනවා ඉන්දියන් කාරයෝ හරියට එස්කිමෝවරුන්ට ශීතකරණ විකුනනවා වගේ වැඩක් කරලා තියෙනවා වගෙයි කියල !!!! උන්දැත් හරි තමා... නැව් එන්නේ නැති හම්බන්තොට වරායේ මේකවත් ගාල් කරලා මළකඩ කන්න ඇරලා, කාටහරි හොද්ද බොර කර ගැනීම සඳහා පරණ යකඩ වලට විකුනන්න ගහපු උප්පර වැට්ටියක්ද කියලත් මට හිතෙනවා. දුරගමන් සඳහා පාවිච්චි කරන, නමුත් ශ්‍රී ලන්කන් එයාලයින්ස් සමාගමට අනවශ්‍ය ගුවන් යානා තොගයක් ඇනවුම් කරපු, බයියලද මේ නැවත් ඇනවුම් කරේ ?
හොඳ දෙයක්
බොරැ කියන්න එපා. ඕක ඉන්දියාවේ නිෂ්පාදිත ලොකුම යුද නැව කියලා ඕක නිකම්ම නිකන් වෙරලාරක්ශක නෞකාවක් විතරයි මහාලොකු යුද නැවක් නෙවෙයි කොටින්ම කියනවනම් මේක ඉන්දියාවේ නිෂ්පාදිත කුණුගොඩක්
මම කොහෙත්ම හිතන්නෙ නෑ මේක අපේ ඔනකමට ගන්නවා කියල. තනිකරම බල කිරීමකින් තමයි මේ කුණුගොඩවල් අපිට පටවන්නේ. කොන්ද පණ තියෙන නායකයො නැති වුනාම අපිට වෙන්නෙ අනික් රටවල ආර්ථිකය හදන්න උදවුවෙන්න තමයි..
යුද්දේ දිනාගෙන යනකොට පරිප්පු දාපු ඉන්දියන්කාරයෝ දැන් යුද්ද නැව් තොග ගානට විකුනනවා. කොහොමද ඉන්දියානුවගේ ආදරේ ලංකාවට ?
මේකත් අර ගිලන් රථ වගේ නිකන් දෙනවනම් මිසක් නැත්නම් වැඩක් නෑ මේ පිළිබඳව අපේ ජනරාල්තුමා සොයාබලා ඉක්මන් පියවරක් ගන්න
අපේ අයත් සැදීපැහෑදී ඉන්න එකනේ වැඩේ ඉන්දියාවේ කුනුගොඩවල් ලංකාවට ගෙන්වන්න.
කොළඔ නැවු තටකන්ගනේ මධ්‍යම ප්‍රමාණයේ මගී නැවු හදනවා, නාවික හමුදාවෙනුත් කුඩා ප්‍රමාණයේ ප්‍රහාරක බෝට්ටු හදල විදේශයන්ට විකුනනවා. එහෙම තියෙනකොට හරිහමන් පාලකයෝනම් කරන්න ඕනි මේ දෙගොල්ල එකතු කරලා, තව අපේ රටේ ඉන්න විද්වත්තු එක්ක අපේ රටේ අවශ්‍යතා වලට ගැලපෙන නැවු හදාගන්න එකනේ. එ්ත් කවදාවත් එහෙම කරන්නේ නැත්තේ මේ වගේ කාසි කබලකට දෙන කෝටි ගණක කොමිස් කුට්ටිය ලැබෙන්නේ නැති හින්ද.
මේ හදිස්සියේ යුද නැවක් මොකටද අපිට?
මේක ලංකාවේ අවශ්‍යතාවයකට ගන්න එකක් මිසක් කාගෙවත් වුවමනාවකට ගන්න එකක් නෙමෙයි. හැමදෙයක්ම අසුබවාදීව හිතන්න එපා...
නැවක් නැති එක තමයි දැන් රටට තියෙන ලොකුම ප්රශ්නය. ලෝකෙට ණය වෙලා කියලා කෑ ගහන ගමන් මේ වගේ වැඩ කරලා කෝටි ගණන් සල්ලි අරගෙන.... මේ රජයත් අපිට දෙන්නේ මේක විතරයි. කාට හරි ලොකු කුට්ටියක් යනවා ඇති මේකෙන්...
"මසුන් මැරීමට" යොදා ගන්නා මෙම ඉන්දියන් බෝට්ටුව මිලදී ගැනීමට යන මුදලෙන් විශාල පිරිසකට රැකියා අවස්ථා සඳහා කුඩා හෝ මධ්‍ය ප්‍රමාණයේ කම්හල් කීයක් ඇති කිරීමට පුලුවන්ද ? රෝහල්වල බිම නිදා ගන්නා ලෙඩුන්ට ඇඳන් කීයක් සපයා දීමට පුලුවන්ද ? නොදියුණු පළාත්වල පාසල් සඳහා ඩෙස් පුටු අති විශාල සංක්‍යාවක් සපයා දීමට පුළුවන් නොවේද ? මේවාට රටවැසියන් ජාති ජාති වශයෙන් රජයට පින් දෙනු ඇත !!!!