IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඉන්දියානු මාධ්‍යවේදිනියක වෙඩි තබා ඝාතනය කෙරේ

ප්‍රසිද්ධ ඉන්දියානු  පත්‍රකලාවේදිනියක වන ගෞරි ලන්කේෂ් මහත්මිය කර්ණාටක ප්‍රාන්තයේදී වෙඩිතබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

බැංග්ලෝර් නගරයේ පිහිටි ඇගේ නිවස ආසන්නයේ ලේ විලක් මැද ඇය වැටී සිටි බව  ඉන්දියානු පොලිසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි ඝාතකයා ඇගේ හිසට වෙඩි තබා ඇති බවත් සේවය නිමවා ඇය නිවසට පැමිණෙන අවස්ථාවේ මෙය සිදුවී ඇති බවත් පොලිසිය පවසයි.

නිර්භීතව වැඩ කරන සෘජු අදහස් ප්‍රකාශ කරන්නියක ලෙස ප්‍රසිද්ධ ගෞරී මියයන විට 55හැවිරිදි වියේ පසුවූවාය. දීර්ඝ කාලයක් ටයිමිස් ඔෆ් ඉන්ඩියා පුවත්පතේ සේවය කළ ඇය පසුව ඉන් ඉවත්ව පවුලේ සාමාජිකයන් සමග එක්වී පුවත්පතක් ආරම්භ කළාය.

පසුව එයින් ද ඉවත් වූ ඇය තනිවම ගෞරි ලන්කේෂ් පැට්‍රික් ලෙස ඇගේ නමින්ම පුවත්පතක් පවත්වාගෙන ගියාය. ඇගේ පියා ද කවියකු හා ලේඛකයකු වන අතර සම්මානලාභී සිනමාකාරිණියක වන කවීතා ලන්කේෂ් ඇගේ සොහොයුරිය වේ.

හින්දු අන්තවාදීන් විසින් මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි සැකකරන බව පොලිසිය පවසයි.

(ද ගාඩියන් පුවත්පත ඇසුරිණි - 085)



අදහස් (6)

ඉන්දියානු මාධ්‍යවේදිනියක වෙඩි තබා ඝාතනය කෙරේ

ලුම්බිණි Wednesday, 06 September 2017 09:34 AM

හරිම කණගාටුදායකයි. අපේ රටෙත් ඉස්සර මේ විදියට සෘජු අදහස් ප්‍රකාශ කල මාධ්‍යවේදීන්ගේ ජීවිත නැති වුණ හැටි මතක් වුණා.

:       166       139

kumar (galf) Wednesday, 06 September 2017 11:54 AM

ඉන්දියාව කියන්නේ ආගමික අන්ධ භක්තියෙන් අන්ධකාර වූ රටක්.

:       0       40

PerakumWednesday, 06 September 2017 02:10 PM

අපිට වඩා හුඟක් ඉදිරියෙන් ඉන්න බව දැනුයි දැනගත්තේ...

:       0       18

Lapaya Wednesday, 06 September 2017 12:04 PM

හරිම කණගාටුදායකයි. අපේ රටෙත් ඉස්සර සිංහල මාධ්‍යවේදීන්ගේ ජීවිත නැති වුණ හැටි මතක් වුණා.

:       118       128

minipe Wednesday, 06 September 2017 03:49 PM

අන්තවාදය බිහිවී ඇත්තේ ආගමක් හෝ ජාතියක් මුල් කරගෙනයි. මේ අන්තවාදීන් ගේ අරමුණ හා හේතුවක් වන්නේ ආගම හා ජාතිය රැකගැනීමේ අදහස මුල් කරගෙනය. දුගී දුප්පතුන්ගෙන් පිරි රටක, දුප්පත්කම නැතිකරන්ට අන්තවාදයක් නැත. කාන්තාවන්ට වෙන හිරිහැර නවතාලන්ට අන්තවාදයක් කවදාවක්, මෙවැනි සමාජයක බිහි වන්නේ නැත.

:       0       17

padiya Thursday, 07 September 2017 04:59 AM

සිද්ධිය නම් කනගාටුදායක දෙයක්, මේ ඉතින් අපිට දැනගන්න ලැබුන දේනේ , දැනගන්න නොලැබෙන ඝාතන තව කොතෙක් ඇතිද ? වැඩිය ඕනේ නැ ලංකාවේ මොනතරම් මිනීමැරුම් වෙනවද , මේවාට වගකියන්න ඕනේ දේශපාලනේ කරන උන් සහ උන්ව පත්කරන අපි අපිමයි.

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 602 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site