නිමන්ති රණසිංහ
ඇවන්ගාඩ් සිද්ධියට අදාළව අභියාචනාධිකරණය මගින් ලබාදී තිබු තාවකාලික තහනම් නියෝගය හේතුවෙන් එම නඩුව ලබන ඔක්තෝබර් 30 වැනි දා දක්වා කල්තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමට අවකාශය සලසමින් කෝටි 1140 ක් රජයට පාඩු කළැයි කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම පවරා තිබු නඩුව අද (9) අධිකරණය හමුවේ කැඳවිණි.
එහිදී ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට පැවසුවේ අභියාචනාධිකරණය මගින් තාවකාලික වාරණ නියෝගයක් පනවා ඇති බැවින් මෙම නඩුව කල්තබන ලෙසයි.
මෙම සිද්ධියේ පළමු චුදිතයා වු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු චුදිතයන් 7 ක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත රාජපක්ෂ පාලනයක් එනතුරුම මේ විදියට කල් යවා ඊළඟට පැමිණිලිකරුවන් හිරේ යවමු. ආණ්ඩුවක් මාරු වුනොත් නැවත පැමිණිලි පාර්ශවය පත්වන ඉරණමක්ද අපේ රටේ පවතී. බලයට එන දේශපාලකයන්ට ගැළපෙන වාතාවරණයක් පවතින රටකි.