IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇලෝසියස්ගේ පෙත්සම විභාගයෙන් විනිසුරු ප්‍රසන්න ඉවතට

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගම සතු බැංකු ගිණුම් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණයට එරෙහිව එම සමාගම සහ එහි සභාපති අර්ජුන් ජෝසෆ් ඇලෝසියස් මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් තමන් ඉවත් වන බව  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා අද (28) ප‍්‍රකාශ කළේය.

මෙම පෙත්සම් අද (28) ත‍්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී එම විනිසුරුවරයා මෙම තීරණය දන්වනු ලැබීය.

ඒ අනුව විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා නොමැති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන 03 වැනිදා මෙම පෙත්සම් කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය එහි ලේඛකාධිකාරීවරියට නියම කළේය.

සිසිර ද ආබෲ, ප‍්‍රසන්න ජයවර්ධණ සහ මුර්දු ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් යුත් ත‍්‍රිපුද්ල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, නීතිපති ඇතුළු හයදෙනෙකු මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.
 
මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් පසුව පෙත්සම්කරුගේ බැංකු ගිණුම් අත්හිටුවමින් වග උත්තරකරුවන් කටයුතු කළ බවත් , එම ගිණුම් වල පවතින මුදල් නිදහස් කරන ලෙසට තමන් කළ ඉල්ලීම අදාළ වගඋත්තරකරුවන් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබූ බවද පෙත්සමේ සඳහන් වේ.         



අදහස් (3)

ඇලෝසියස්ගේ පෙත්සම විභාගයෙන් විනිසුරු ප්‍රසන්න ඉවතට

Surath Wednesday, 28 March 2018 01:22 PM

නිතිය නැමෙන්න යනවද ?

:       3       18

Mahee Wednesday, 28 March 2018 02:08 PM

'තමා සම්බන්ධ කරුණකදී තමා විනිශ්චයකරු නොවිය යුතුයි' කියලා නොවැ තියෙන්නේ....

:       0       3

susantha Wednesday, 28 March 2018 10:45 PM

ලංකා ඉහිහසයේ ලොකුම හොරකමේ පාඩුව ගෙවන්න වෙන්නෙත් රටේ මිනිස්සුන්ට බදු වලින්! මේ හොරුන්ගේ වලවලටත් වැහිනති හෙන පාත් වෙන්න ඕන!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site