IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඇල්ල-වැල්ලවාය මාර්ගයේ අවදානමක් ඇති ගල් ඉවත් කිරීම අරඹයි

( පාලිත ආරියවංශ )

නාය යාම සමඟ වසා දැමුණු  ඇල්ල වැල්ලවාය මාර්ගයේ කඩා වැටීමේ අවදානමක් ඇති ගල් කුට්ටි කඩා ඉවත් කිරීම  මේ වන විට අරඹා ඇති බැවින් තවදුරටත් මාර්ගය වසා තැබෙන බව දිස්ත්‍රික් ලේකම්  දමයන්ති පරණගම මහත්මිය පැවසුවාය.

අඩි 750 ක පමණ ඉහළ සිට  මෙම ප්‍රදේශයේ ගල් කඩා වැටී  තිබූ  අතර තව දුරටත්  අවදානමක් පවතින   ස්ථානයන්හි ගල් කඩා ඉවත් කිරීම මාර්ගය වසා දමා පෞද්ගලික ආයතනයක් විසින් අරම්භ කර තිබේ.

මේ වන විට එම ගල් ඉවත් කෙරෙන ප්‍රදේශයේ  දියපහර මතුවීම නිසා එම කටයුතුවලට බාධාවක් ඇති වී ඇතැයිද කෙසේ නමුත් තවත් දින පහකින් පමණ තත්ත්වය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කළ හැකි වෙතැයිද කොන්ත්‍රාත් සමාගම සඳහන් කරයි.

මේ හේතුවෙන්ම  ඇල්ල සිට රාවණා ඇල්ල තෙක් මාර්ගයේ ඇති වෙළසැල, හෝටල්  වසා දැමීමට සිදුව තිබේ.‍එම මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබේ.

මෙම මාර්ගය වසා දැමීමෙන් සාමාන්‍ය ජනතාව දැඩි අසීර්තාවට පත්ව සිටින අතර  විකල්ප මාර්ග භාවිත කරන ලෙසද ඔවුන්ට දැනුම් දී ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

පසුගිය 25 වැනිදා සිට මාර්ගය වසා දමා ඇති අතර   යළි විවෘත කරන දිනය පිළිබඳව කිසිදු දැනුම්දීමක් තවමත් සිදු කර නොමැත.

 



අදහස් (1)

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ අවදානමක් ඇති ගල් ඉවත් කිරීම අරඹයි

sharm warn Wednesday, 06 November 2019 10:12 AM

මේක සාධාරණ විසඳුමක්ද? තියෙන ගල් කැඩීමෙන් තව දුරටත් පස සේදෙන්නේ නැද්ද? මේ ක්‍රියාව භූ විද්‍යා ආයතනය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතිය ඇතුව කෙරෙන වැඩක්ද? කරුණාකර පැහැදිලි කරන්න.

:       6       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 606 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site