IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇමෙරිකාව ඉරානයට නව සම්බාධක පනවයි

වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)

‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුම’ හේතුවෙන් ඉවත් කරන ලද සම්බාධක ඇතුළුව ඉරානයට නව සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ සමයේදී ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ලෝක බලවතුන් ඉරානය සමඟ න්‍යෂ්ටික ගිවිසුමක් අත්සන් කළ අතර ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් බලශක්ති උත්පාදනයට පමණක් සීමා කිරීම එහි අරමුණ විය.

ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පනවා තිබූ ඇතැම් සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගත්තේය.

එහෙත් ඉරානය  ගිවිසුම උල්ලංඝනය කරන බව චෝදනා කරමින් වත්මන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මේ වසරේ මැයි මාසයේදී ඇමෙරිකාව ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන්’ ඉවත් කරගත්තේය.

ඉන් මාස තුනකට පසු අද (7) ඉරානයට ඉවත් කර තිබූ සම්බාධක සහ නව සම්බාධක පනවන ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. ඉරානයේ තෙල් කර්මාන්තය ඉලක්ක කරගනිමින් සම්බාධක පැනවීමට නියමිතය.

ඊට අමතරව ඉරානයට ඇමෙරිකා එක්සත් මුදල් ඒකකවලට ප්‍රවේශවීමද තහනම් කෙරෙන අතර මෝටර් රථ ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයකට ද සම්බාධක පැනවීමට නියමිතය. 

055



අදහස් (0)

ඇමෙරිකාව ඉරානයට නව සම්බාධක පනවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site