(සුජිත් හේවාජුලිගේ)
‘ජනාධිපතිවරයා කළ කැබිනට් සංශෝධනය ගැන අපි කිසිසේත්ම තෘප්තිමත් නැතැයි’ ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ පැවැසීය.
ඇමැතිවරයා මෙසේ පැවැසුවේ බත්තරමුල්ලේ පිහිටි එම පක්‍ෂ ප‍්‍රධාන කාර්යාලයේදී ඊයේ (26) පෙරවරුවේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී පාඨලී චම්පික රණවක මහතා මෙසේද කීය.
මේ කැබිනට් සංශෝධනය ගෙනාවේ පවත්නා දේශපාලන අර්බුදයට පිළියමක් වශයෙන් නම් අපි ඒ ගැන තෘප්තිමත් නැහැ. මේ සංශෝධනයෙන් පවතින දේශපාලන අර්බුදය විසඳෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වන්නේ සකි‍්‍රය දේශපාලන වැඩ පිලිවෙළක්.
මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පැහැදිලි ජයග‍්‍රහණයක් ලැබුවා. එය එහෙම නොවෙයි කියන්න තරම් අපි මෝඩයෝ නොවෙයි. ඔවුන් පරණ ඡන්ද ටිකම අලූත් බෝඞ් ලෑල්ලකින් ලබාගෙන තියෙනවා. එදා 2015 දී රාජපක්‍ෂ විරෝධීව ඡන්දය දුන් අය මේ ඡන්දයේදීත් ඒ විදියටම ඡන්දය ප‍්‍රකාශ කරල තියෙනවා. නමුත් ඒ ඡන්ද බල කඳවුරු කිහිපයකට බෙදී ගොස් තිබෙනවා. නමුත් පක්‍ෂ විදියට එක්සත් ජාතික පෙරමුණට යම් පසුබෑමක් තියෙනවා යැයිද ඇමැති රණවක මහතා කීවේය.
2025 නොවැම්බර් මස 04
59
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2014
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’ඇමැති පුටු මාරුවට අපි තෘප්තිමත් නෑ’ - චම්පික
vidya Tuesday, 27 February 2018 05:42 AM
කොහොම හරි එල්ලිලා ඉඳලා දීපු දෙයක් කාල හිටියොත් හොඳයි නේද ?