IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අෂ්රොෆ් මරණය ගැන වාර්තාව අතුරුදන්

මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ හා එහි ආරම්භක නායක එම්.එච්.එම් අෂ්රොෆ් මහතා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අතුරුදන් වී තිබේ.
 
ඉකුත් 2000 වසරේදී අෂ්රොෆ් මහතා ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් ඒ මහතා සමඟ ගමන් කළ 14 දෙනකු ජීවිතක්ෂයට පත් වූ සිදුවීම සම්බන්ධයෙන් විවිධ ආරංචි සමාජයේ පැතිර ගිය අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළාය. 
 
විනිසුරු එල්.කේ.ජී වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිෂන් සභාව කරුණු විමර්ශනය කර සකස් කළ වාර්තාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බාර දී තිබිණ. 
 
2007 වසරේ ජනවාරි පළමු වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය අදාළ වාර්තාව ජාතික ලේඛනාරක්ෂකාගාරයට යවා ඇති අතර එහිදි එම කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට එහි බලධාරීන් ඉකුත් දා තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. 
 
හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බෂීර් සේගු දාවුද් මහතා තොරතුරු දැනගැනීමේ පනත යටතේ අෆ්රොෆ් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඉකුත් දා ජනාධිපති ලේකම් කාර්යාලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණ. 
 
 ඉන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර කොමිසමේ සභාපති මහින්ද ගම්මන්පිල, කොමිෂන් සභාවේ සාමාජිකයන් වන කිෂාලි පින්තු ජයවර්ධන, සෙල්වි තිරුචන්ද්‍රන් සහ එස්.ජී පුංචිහේවා යන මහත්ම මහත්මීන් ඉදිරියේ අදාළ අභියාචනය සැලකිල්ලට ගෙන තිබේ. 
 
පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයා (නීති) කොමිෂන් සභාව ඉදිරියේ කරුණු දක්වා ඇත. එහිදි ජාතික ලේඛනාරක්ෂකාගාරයේ අදාළ වාර්තාව ඉල්ලා ඇති අතර අදාළ වාර්තාව අස්ථානගත වී ඇති බව අනාවරණය වී තිබේ.  
ජනාධිපති ලේකම් කාර්යාලය අදාළ වාර්තාව ජාතික ලේඛනාරක්ෂකාගාරයට යවා ඇත්තේ 2007 වසරේ ජනවාරි 1 වැනිදා බව තවදුරටත් අනාවරණය වී තිබේ. 
මේ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු විමසීම සඳහා තොරතුරු කොමිෂන් සභාව ජාතික ලේඛනාරක්ෂකාගාරයේ අදාළ නිලධාරියාට කොමිසම හමුවේ පෙනි සිටින්නැයිද නියෝග කර තිබේ. 
   
සන්ඬේ ටයිම්ස් ඇසුරිනි 055



අදහස් (4)

අෂ්රොෆ් මරණය ගැන වාර්තාව අතුරුදන්

ruchi Sunday, 05 November 2017 11:02 AM

පිටපත හංගලා එ්කේ කොපියක් ඉල්ලනවා. කාටත් තේරෙනවා මේවා සැලසුම් සහගතව කාට හරි මඩගහන්න හදනවා කියලා. අවුරුදු 15 කට හෝ 20 කට පෙර වුණු මරණයක්. මෙය තහවුරු වුණා අයහපත් කාලගුණය නිසා සිදුවුණ ගුවන් අනතුරක් කියලා. තවත් මොනවද...?

:       75       1289

Azar Sunday, 05 November 2017 11:04 AM

ඒකත් මහින්දගේ වැඩක් කියයි වගේ එන විදියට

:       43       874

Thilina Sunday, 05 November 2017 12:06 PM

ඡන්දය අත ළඟයි.. තාජුදීන් ඉවරයි ..අලුත් නාට්‍යයක් බලාපොරොත්තු වන්න

:       84       900

Hafeel Monday, 06 November 2017 06:57 AM

මෙයාට දැන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර අහිමි වුණායින් පසුව තමයි අෂ්රෆ්ගේ මරණය මතක්වෙන්නේ. තමන් බලයේ ඉන්නකොටත්, ඇමති ධුර දරනකොට මේක අමතක් වෙලා ඉඳලා, දැන් කොහෙන්ද අෂ්රෆ්ගේ පවුලේ අයටත් නැති කැක්කුමක් අමුතුවෙන් මෙයාට ඇවිල්ල තියන්නේ? මෙයා දැන් දඟලන්නේ ලකුණු දාගන්නයි, අනවශ්‍ය භේද ඇති කරන්නයි. එහෙමනම් මෙයා මුලදී පාර්ලිමේන්තුවට ආවේ ඊරෝස් කියන ත්‍රස්තවාදී සංවිධානයක් නියෝජනය කරමින්. එම ඊරෝස් සංවිධානය තමයි 1980 - 1990 කාලේ කොළඹ බෝම්බවල පුපුරලා මිනිස්, දේපල ඝාතනවල සම්බන්ධ වුණේ. ඒ වගකීම මේ බෂීර් දාවූඩ් බාරගනීවිද? මරණය ගැන බලන්නේ නැතුව, තමන් විසින් කරපු හානිය නැවතත් සිතා බැලුවොත් හොඳයි නේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site