ජුඩ් සමන්ත සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ
වනාතවිල්ලුව - අරුවක්කාළු ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින කසල බැහැර කිරීමේ අංගනයට කඩා වැදී එහි දේපල වලට හානි සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන දෙදෙනෙකුව වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයකුව සහ තවත් අයෙකි.
කොළඹ එකතු වන කැළි කසල බැහැර කිරීම සඳහා වනාතවිල්ලුව - අරුවක්කාළු ප්‍රදේශයේ කසල අංගනයක් මේ දිනවල ඉදි කරමින් සිටී.
මෙම කසල අංගනය ඉදිකළහොත් ප්‍රදේශයේ පරිසරයට විශාල හානියක් සිදුවන බව පවසමින් ප්‍රදේශවාසීන් පසුගිය 9 වැනි දා විරෝධතාවයක නිරතවුහ.
එම විරෝධතාවයේදී කසල අංගනයේ ඇති ගොඩනැගිල්ලකට පහර දී අලාභ හානි සිදු කරන ලදැයි අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අරුවක්කාළු දේපලවලට හානි කළැයි ප්‍රා.සභා මන්ත්‍රී ඇතුළු අයෙක් අත්අඩංගුවට