නිමල කොඩිතුවක්කු
 
2018 අයවැය යෝජනාවළියේ  ආර්ථික දෘෂ්ටිය  මතු කරගැනීමට හෝ විවේචනය කිරීමේ හැකියාවක් ඒකාබද්ධ විපක්ෂයට නොතිබූ බව ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පැවසීය.
 
අයවැය යෝජනාවළිය සම්බන්ධයෙන්   ඔවුන්ගේ  දැනුමේ දුගී කම හෝ විකල්පයක්  නොමැති කම මෙයට හේතුවිය හැකි බවද ඒ මහතා කියා සිටියේය.
 
කොළඹදී අද(19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
 
මුදල් අමාත්‍යවරයා මෙම අයවැය නීල හරිත අයවැයක් බවට ප්‍රකාශ කලද මෙම ධනවාදී නිශ්පාදන  පරිභෝජන සහ ආයෝජන රටාව කිසිසේත් පරිසර  මිතුරු එකක් නොවන බවද ඒ මහතා කීය.