( පුෂ්පකුමාර ජයරත්න )
ඉදිරි මහ මැතිවරණය සඳහා අද (19) කුරුණෑගල දිස්ත්‍රික්කයට නාමයෝජනා බාරදුන් පිළිගත් දේශපාලන පක්ෂ 13 ක් සහ ස්වාධීන කණ්ඩායම් 12 ක් අතරින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අපේ ජන බල පක්ෂයේ නාමයෝජනා පත්‍රය සහ ස්වාධීන කණ්ඩායම් දෙකක නාමයෝජනා ප්‍රතික්ෂේප විය .
එම නාමයෝජනා පත්‍ර වල තිබූ අපේක්ෂකයින්ගේ දිවුරුම් ප්‍රකාශ දෝෂ සහිත වීම හේතුවෙන් ඒවා ප්‍රතික්ෂේප කිරීමට සිදුවූ බව කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී ආර්.එම්.ආර්.රත්නායක මහතා ප්‍රකාශ කළේය .
මෙවර මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , එක්සත් ජාතික පක්ෂය , සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය , සිංහලදීප ජාතික පෙරමුණ , ජාතික සංවර්ධන පෙරමුණ , ශ්‍රී ලංකා කම්කරු පක්ෂය , පෙරටුගාමී සමාජවාදී පක්ෂය , ජනසෙත පෙරමුණ , ලිබරල් පක්ෂය , ශ්‍රී ලංකා සමාජවාදී පෙරමුණ , ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ , අපේ ජනබලය පක්ෂය යන පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරි ආර්.එම්.ආර්.රත්නායක මහතා ඉදිරියේ නාමයෝජනා බාර දුන්හ .
අතුරලියේ රතන හිමියන් නායකත්වය දරන අපේ ජන බලය පක්ෂය යටතේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා මෙම මහා මැතිවරණයට නාමයෝජනා බාරදී මෙන්ම ප්‍රතික්ෂේප වූ පිළිගත් දේශපාලන පක්ෂයක එකම නාමයෝජනා පත්‍රය මෙය වීමද විශේෂ සිදුවීමක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු..සාදු ..සාදු ..!
අපරාදෙ... මේක තව දවසක් හරි දීල ආවත් වලංගු කරන්න තියෙන්නේ. පාටලීගෙ බලල් අත මේ හාමුදුරුවෝ කියලා හැමෝම දන්නවා. 2014 බේරුවල මුස්ලිම් කෝලාහලේ ඇතිකරලා ආන්ඩු පෙරලන්න මුල් වුණොත් ගලගොඩඅත්තේ හාමුදුරුවෝම තමයි. නාමයෝජනා ගත්තනම් බලාගන්න තිබුනා චන්ද 1000ක්වත් ගන්න බැරිවෙන හැටි...
පෝම් කොලයක් පුරවගන්න බැරි මේ වගේ "උගත්තු" අපිට සදා වාසනාවන්.
මෙය ප‍්‍රතික්ෂේප වෙන්නෙත් දේශපාලන නාටකයේ එක් කොටසක් ලෙසයි.
මේක අමුලික බොරුවක්.
"පුදපු ගමන් කාපි යකා" කීවලු.
ජිල්මාට් දැන්ම පටන් අරගෙන.