IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


අධිවේගයේ අනවසර ඉදිකිරිමකට ලක්ෂ 20 ක් දඩ

                                                                                            
බන්දු තඹවිට          

                      
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පියසේ ඉන්ධන පිරවුම්හල් දෙකේ සැලසුම් අනුමත කර නොගෙන ඉදිකිරීම නිසා එම සමාගමෙන් රුපියල් මිලියන දෙකකට ආසන්න දඩ මුදලක්  මතුගම ප්‍රාදේශීය සභාව අයකර ගත් බව මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ මහතා පැවසීය.


මතුගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පියසේ මාතර දෙසට සහ කොළඹ දෙසට ඉන්ධන පිරවුම් හල් දෙකක් ඉදිකර ඇති අතර එම ඉදිකිරීම් සඳහා සැලසුම් අදාළ පළාත් පාලන ආයතනයේ අනුමැතිය ලබාගත යුතු වුවත් එම සමාගම මතුගම ප්‍රාදේශීය සභාවෙන් සැලසුම අනුමත කර නොගෙන එහි ඉදිකිරීම් සිදුකර ඇත.


එහෙත් ඉන්ධන පිරවුම් හල් සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අවසරය ලබා ගැනීමට යාමේදී එහි ඉදිකිරීම් සැලසුම සඳහා පළාත් පාලන ආයතනයක අනුමැතිය ලබා නොගැනීම නිසා තම ඉල්ලීම ප්‍රතික්‍ෂේප වී ඇත.


මේ නිසා ඉන්ධනහල් දෙකේ සැලසුම් මතුගම ප්‍රාදේශීය සභාවෙන් අනුමත කර ගැනීමට අදාළ සමාගමට සිදුවී ඇති අතර ඒ සඳහා නව සැලසුමක් මතුගම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කර ඇත.


ඒ අනුව මතුගම ප්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරී වරයා ඇතුළු කාර්මික නිලධාරීන් විසින් එම සැලසුමේ  අඩුපාඩු නිවැරදිකර නව සැලසුම අනුමත කර ඇති අතර අනුමැතියකින් තොරව කරන ලද ඉදිකිරීම සඳහා එක් ඉන්ධන පිරවුම්හළකට රුපියල් නම ලක්‍ෂ අසු දහසක් බැගින් පිරවුම්හල් දෙක සඳහා රුපියල් දහ නම ලක්‍ෂ හැට දහසක දඩ මුදලක් මතුගම ප්‍රාදේශීය සභාව අයකර ගෙන තිබේ.



අදහස් (7)

අධිවේගයේ අනවසර ඉදිකිරිමකට ලක්ෂ 20 ක් දඩ

de silva Wednesday, 20 June 2018 06:53 AM

මේ අනවශ්‍ය විකාර නැතුව මෙම ඉන්දන පිරවුම්හල් දෙක විවෘත කලානම් අධි වේගේ ගමන් කරන ජනතාවට කොපමණ පහසුවක්ද ? ඉක්මනින් ඕව විවෘත කරන්න ,

:       6       196

Bamunuarachchi Wednesday, 20 June 2018 07:25 AM

කොළඹ සිට මාතර දක්වා අධිවේගී මාර්ගය ප්‍රාදේශීය සභා කීයකට අයිතිවෙනවාද. විකාර නැතිව අධිවේගී මාර්ගය සඳහා අයිති බිම් ප්‍රමාණය අධිවේගී මාර්ගය අයත් දෙපාර්තමේන්තුවට පවර ගන්න එවිට කෙරෙන වැඩකටයුතු පහසුවෙනවා. අධිවේගී මාර්ගය තුළ ඉන්දිකෙරීම් කරන්න හැම ප්‍රාදේශීය කාර්යාලයේම අවසර ගන්නගියොත් වැඩක් කොරන්න කාලයක් නැතිවේවි.

:       1       26

Bamunuarachchi Wednesday, 20 June 2018 07:28 AM

ඉස්සෙල්ල ප්‍රාදේශීය ගොයියාගෙන් වැඩේ ශේප් කොර ගන්න ඇති දෙවෙනියට ආපු හාදය ගාන කඩා ගන්න ගිහිල්ලා වැඩේ ගැස්සෙන්න ඇති. ප්‍රාදේශීයසභා ගැන අපිටද කියන්නේ

:       0       130

Bamunuarachchi Wednesday, 20 June 2018 07:31 AM

එකත් අසුවෙලා තිබෙන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අවසරය ලබා ගැනීමට යාමේදී. එතකම් ප්‍රාදේශීය සභාවත් සමඟ ශේප් එකේ වැඩේ ගිහිල්ලා. තව මොනවාද කතා.

:       0       101

samira Wednesday, 20 June 2018 07:55 AM

දැන් ඉතින් ඔය පාඩුව තෙල් ගහන අපෙන් ටික ටික අයකරගනියි

:       0       136

TIKIRI Wednesday, 20 June 2018 08:23 AM

අපරාදේ, ඔයිට බොහොම අඩුවෙන් වැඩේ කරගන්න තිබුණා. මේ ගොල්ලන් දන්නේ නැහැ.

:       0       14

piyal Wednesday, 20 June 2018 10:07 AM

පළාත් සභා, ප්‍රාදේශීය සභා නිකන් බාධක පමණි...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 351 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site