IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


නව කොරෝනා වෛරසය සයිප්‍රසයත් ආක්‍රමණය කරයි

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට මිනිස් ජීවිත දහස් ගණනකට මරු කැඳවමින් තවත් ලක්ෂ ගණනක් අසාධ්‍ය තත්ත්වයට පත් කරමින් ලෝකයේ 150 කට අධික රටවලට ව්‍යාප්ත වෙමින් පවතියි.


දිනෙන් දින අසන්නට ලැබෙන මරණ සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ සමස්තයක් ලෙස මුළු ලෝකයම මෙම රෝගය හේතුවෙන් බියෙන් පෙළෙන මොහොතකි. චීන රට මූලික කර ගනිමින් ආරම්භ වූ මෙම රෝගය මෑත ඉතිහාසයේදී අසන්නට ලැබෙන භයානක රෝගයකි. අප මව් රටට ද මෙම වෛරසය ඇතුළු වී ඇති බව මාධ්‍ය වාර්තා කරන ලදී.
මේ වනවිට යුරෝපයට ද දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින මෙම වෛරස් රෝගය අප වෙසෙන සයිප්‍රස් රාජ්‍යට ද ඇතුළු වී ඇති බව මෙරට මාධ්‍ය තොරතුරු සනාථ කර ඇත. එම හේතුවෙන් මේ දිනවල පාසල් හා විශ්වවිද්‍යාල ද රැකි රක්ෂා කටයුතු කරන බොහෝ ස්ථාන ද වසා දමා ඇති අතර සයිප්‍රස් ජනාධිපති නිකොස් ඇනස්තාසියාදිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම අසීරු අවස්ථාවේ මෙරට පුරවැසියන් මෙන්ම මෙහි වෙසෙන සංක්‍රමණිකයන් ද හොඳින් ආරක්ෂා කිරීමට තමන් කටයුතු කරන බවයි. මේ සඳහා සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බවද සියලුම දෙනා සෞඛ්‍ය අමාත්‍ය අංශ ලබා දෙන උපදෙස් නිසි අයුරින් පිළිපදින ලෙසටත් ඉල්ලා සිටියේය.
අප ශ්‍රී ලංකා කොන්සල් ජනරල්තුමන් රෝහණ අඹගොල්ල මහතා ද මෙම වාතාවරණය පිළිබඳව මෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම අවස්ථාවේ මේ රටේ පවතින නීතිරීතිවලට යටත්ව ඉවසීමෙන් හා අවධානයෙන්, උද්ගතවී ඇති තත්ත්වයට මුහුණ දෙන ලෙසයි. හැකි තරම් තම තමන්ගේ ගමන් බිමන් අවම කර ගනිමින් බොහෝ දෙනා එක්රැස්වෙන ස්ථානවලට නොයා සෞඛ්‍ය නීති උපදෙස් නිසි ලෙස පිළිපදිමින් මෙම වෛරසය පැතිරයාම වළක්වා ගැනීමට සහය දෙන ලෙසයි.
මන්ද විශේෂයෙන් අපේ මව් රට මෙන් නොව සයිප්‍රසය යනු සම්පත් අඩු ඉතාම කුඩා රටක් බවත් යම් හෙයකින් රෝගය පැතිර යෑම ඉහළ යෑමක් සිදුවුවහොත් ඒ සඳහා පහසුකම් ගැනද ප්‍රශ්න ඇති වන බවයි. කෙසේ වෙතත් මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ උපරිම සහය ඕනෑම අවස්ථාවක ලබාදීමට තමා ඇතුළු කාර්ය මණ්ඩලය සුදානමින් සිටින බව ද එතුමා පැවසීය. තවද මෙම හදිසි තත්ත්වය යටතේ විටින් විට නීති වෙනස් විය හැකි බවත් ඒ ගැන හැමදෙනාම පූර්ණ අවධානයෙන් පසුවිය යුතු බවද දන්වා සිටියේය.
කෙසේ වෙතත් කොරෝනා වෛරසය මුළු ලෝකයෙන්ම දුරුවේවායි යන නිර්මල ප්‍රාර්ථනයෙන් සයිප්‍රයේ ශ්‍රී ලංකාරාම විහාරාධිපති අතිපූජ්‍ය මොරවක සෝරත මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේ ද පසුගියදා පිරිත් දේශනාවක් ද පැවැත්විය.


විමලා යාපා, නිකෝසියා, සයිප්‍රස්. 



අදහස් (0)

නව කොරෝනා වෛරසය සයිප්‍රසයත් ආක්‍රමණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 823 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 951 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 387 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site