IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ළමා බිරිඳට ලිංගිකව අඩම්තේට්ටම් කළොත් ඉන්දියානු සැමියාට මින්පසු වැඩ වරදී

නීතිඥවරයකු විසින් ඉන්දියානු ශ්‍රේෂඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාග කළ විනිසුරු මණ්ඩලය, ළමා මනාලියන් ලෙස විවාහ දිවියට ඇතුළත් වන බාලවයස්කාරියන්ගේ අයිතිවාසිකම් සුරැකෙන ලෙස ඉන්දියානු දණ්ඩනීති සංග්‍රහයේ ඇතැම් වගන්තියක් සංශෝධනය කරන ලෙස නියෝග කිරීමට තීරණය කර ඇත.  


​බොහෝ විට දෙමාපියන් විසින්ම වැඩිහිටි පුද්ගලයන් විවාහ කර දෙනු ලබන ලාබාල දැරියන් තම සැමියා අතින් ලිංගික හිංසනයට ලක් වුව ද ඒ පිළිබඳව නීතියේ පිළිසරණ පැතීමට තරම් ඉන්දියානු දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති සැකසී නැත. මේ හිංසන නිසාම ඇතැම් බාලවයස්කාර බිරියෝ විවිධ අනතුරු පමුණුවා ගනිති. මානසික ආතතියේ සිට සියදිවි නසාගැනීම දක්වා වර්ධනය වී ඇති මෙම බාලවස්කාර බිරියන්ගේ ලිංගික හිංසන භීතියට නීතිය මගින් පිළිසරණක් ලබා දිය යුතු බව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගෙන ඇත.  


ඉන්දියානු දණ්ඩනීති සංග්‍රහයේ ඇතැම් වගන්තියක් බිරිඳ සම්බන්ධ කටයුතුවලදී සැමියාට වාසි සහගත අන්දමට සැකසී ඇත. උදාහරණ ලෙස බිරිඳගේ වයස අවුරුදු පහළොවට වැඩි නම්, ඇයගේ එකඟතාවයට එරෙහිව වුව ද මොනයම් ආකාරයක හෝ ලිංගික හිරිහැරය හිංසනයක් ලෙස ඉන්දියානු දණ්ඩනීති සංග්‍රහයට අනුව පිළිගැනෙන්නේ නැත. මෙම නීති වගන්තියේ ලිහිල් බව කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව උක්ත පෙත්සම විභාග කළ විනිසුරු මඬුල්ලේ තීරණයයි.  


සැමියාගේ ලිංගික හිංසනයට ගොදුරු වන වයස අවුරුදු 18ට අඩු බාලවයස්කාර බිරිඳකට තමන්ට සිදු කළ හිංසනය පිළිබඳව නීතිමය පියවර ගැනිමට පහසු වන පරිදි ඉන්දියානු දණ්ඩනීති සංග්‍රහයේ අදාළ වගන්ති ළඟදීම සංශෝධනයට යොමු කෙරෙනු ඇත.  


ඉන්දියාවේ බාලවයස්කාර විවාහක දැරියෝ මිලියන 23ක් තම එකඟතාවට එරෙහිව සැමියාගේ ලිංගික හිංසනයට ගොදුරු වන බව වාර්තා වේ. මෙම විෂයයේදී හිංසනයට පත්වන බාලවස්කාරියන්ට සාධාරණයක් ඉටුවන පරිදි වරදකරුවන්ට දඬුවම් පැමිණවිය හැකි අයුරින් ඉන්දියානු නීතියේ වෙනස්වීමක් කෙරෙන්නේ නම්, ඒ පිළිබඳව තම කෘතඥතාව ඉන්දියානු රජයට පිරිනමන බව කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන දැනටමත් ප්‍රකාශයට පත්කර ඇත.  


යටියන   
ක්ලැරන්ස් කොස්තා.  
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.   



අදහස් (0)

ළමා බිරිඳට ලිංගිකව අඩම්තේට්ටම් කළොත් ඉන්දියානු සැමියාට මින්පසු වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 784 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 913 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 378 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site