IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ලිංගික අපචාර චෝදනාවක් නිසා නොබෙල් සාහිත්‍ය තෑග්ග අහිමිවෙයි

මේ නොබෙල් ත්‍යාගය පිරිනැමෙන කාලයයි. එහෙත් සාහිත්‍ය වෙනුවෙන් මෙවර නොබෙල් ත්‍යාගය කිසිවකුටත් පිරිනොනැමෙන බව ස්වීඩනයේ ඇල්ෆ්‍රඩ් නොබෙල් පදනම ප්‍රකාශ කරයි. එයට හේතුව වෙන්නේ නොබෙල් ත්‍යාගය පිරිනැමීම සඳහා සුදුසුම සාහිත්‍යකරු තේරීම් කමිටුවේ අනුමත සාමාජික සංඛ්‍යාව අහිමිවී යාම ය. 


ප්‍රංශ ජාතික සුප්‍රසිද්ධ ඡායාරූප ශිල්පී ෂෝන් ක්ලෝඩ් අර්නෝල් වසර කීපයකට පෙර කරන ලද ලිංගික අපචාර චෝදනා මාලාවකට අධිකරණය විසින් වරදකරු කිරීම හේතුවෙන්, ඔහුගේ බිරිඳ වෙන නොබෙල් ත්‍යාගය සඳහා සුදුසුම සාහිත්‍යකරු තේරීමේ කමිටුවේ සාමාජික ස්වීඩන ජාතික කතරිනා ෆ්‍රොස්ටෙන්සන් කිවිඳිය පසුගියදා තම තනතුරින් ඉල්ලා අස්වූවා ය. ඇය සමගම එම කමිටුවේ තවත් සාමාජිකයන් පස්දෙනෙකු ද ඉල්ලා අස්වී ඇත. ඇල්ෆ්‍රඩ් නොබෙල් පදනම පවසන්නේ නොබෙල් ත්‍යාගය පිරිනැමීම සඳහා සුදුසුම සාහිත්‍යකරු තීරණය කිරීමට, තේරීම් කමිටුවේ සාමාජිකයන් දහඅටදෙනාගෙන් අවම ඡන්ද දොළසක්වත් පක්ෂව ලැබිය යුතු බව ය. කතරිනා ෆ්‍රොස්ටෙන්සන් උක්ත කමිටුවෙන් ඉල්ලා අස්වීමත් සමගම උදාවුණු තත්ත්වය යටතේ නොබෙල් ත්‍යාගය සඳහා මේ වසරේ සාහිත්‍යකරුවෙකු තෝරාගැනීමට නොහැකි වීම, එම ත්‍යාගය පිරිනොනැමීමට නිදහසට කරුණු ලෙස නොබෙල් ත්‍යාග පදනම ඉදිරිපත් කර ඇත. 


ලිංගික අපචාර වරදට අධිකරණය මගින් දඬුවමට තීන්දු වූ ප්‍රංශ ජාතික ෂෝන් ක්ලෝඩ් අර්නෝල් නොබෙල් ත්‍යාගය සඳහා සුදුසුම සාහිත්‍යකරු තේරීමේ කමිටුවේ සාමාජිකාවකගේ සැමියා මිස, වෙනත් කිසිම සෘජු ආකාරයකින් පදනමට සම්බන්ධ පුද්ගලයකු නොවේ. දෙවැනුව නොබෙල් ත්‍යාගය සඳහා සුදුසුම සාහිත්‍යකරු තේරීමේ කමිටුවේ කිසියම් හේතුවක් මත අනුමත සාමාජික සංඛ්‍යාවේ අඩුවක් වී නම්, එයට විසඳුම වෙන්නේ කමිටුවට වෙනත් සාමාජිකයන් බඳවාගෙන තම රාජකාරිය ඉටු කිරීමය. තෙවැනුව කාන්තා ලිංගික අපයෝජනයට විරෝධය පෑමේ අවශ්‍යතාවක් වී නම්, ඇල්ෆ්‍රඩ් නොබෙල් පදනමට තිබුණේ සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය සුදුසුම කාන්තාවක් තෝරා ඇයට පිරිනැමීමය. මේ සියල්ල සලකා බලන කල, දෙදහස් දහඅට සාහිත්‍ය සඳහා වෙන නොබෙල් ත්‍යාගය පිරිනොනැමීමට හේතු ලෙස නොබෙල් ත්‍යාග පදනම විසින් නිදහසට කරුණු ලෙස ඉදිරිපත් කර ඇති කාරණා හාස්‍යජනක ය. ප්‍රංශයේ ඡායාරූප ශිල්පියෙකුගේ නොපනත්කමකට, නොබෙල් ත්‍යාගය වැනි ලොව ඉහළම පිළිගැනීමක් ඇති ත්‍යාගයක් දීමෙන් වැළකී සිටීම සුදුස්සාට සුදුසුතැන නොලැබී යාමේ තවත් එක් අවස්ථාවකි. 

 


ගැස්කොන් ලාසරස් 
රෝමය, ඉතාලිය. 



අදහස් (0)

ලිංගික අපචාර චෝදනාවක් නිසා නොබෙල් සාහිත්‍ය තෑග්ග අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1521 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 485 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site