
(ගයාන් සූරියආරච්චි)
එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.
ගුවන් හමුදාවේ අංක 7 බලඝනයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් අම්පාර ප්‍ර දේශයේ නිරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටියදී ගංවතුරට මැදිව සිටි පුද්ගලයකු මෙසේ බේරාගනු ලැබීය.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ගුවන් හමුදා නිලධාරීහු තවදුරටත් නිරීක්ෂණ රාජකාරීවල නිරත වෙති.
ගුවන් හමුදා නිලධාරීන් විසින් බේරාගත් පුද්ගලයා මඩකලපුව ගුවන් හමුදා කඳවුර වෙත ආරක්ෂිතව රැගෙන යනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd